තම ඡායාරූපයෙන් සාමය කියාදෙන වියට්නාම ගැහැණිය

Published in අනං මනං
Tuesday, 23 June 2015 14:47

වියට්නාම යුද්ධය අති  විශාල මිනිස් ජීවිත ගණනක් ලෝකයට අහිමි කළා. එම  යුද්ධයේ අමිහිරි මතක ඇතුලත් ඡායාරූප විශාල ප්‍රමාණයක් ලෝකය තුල සංසරණය උනා.

එම ඡායාරූප අතරින් හද කම්පා කරවන වගේම ඉතා ජනප්‍රිය වූවක් ලෙස නිරුවත් ගැහැණු දරුවෙක් සහ තවත් ළමුන් පිරිසක් ගුවනින් හෙළන බෝම්බ වලට බියෙන් දිව යන අයුරු දැක්වෙන ඡායාරූපය හඳුන්වනවා.

මෙම ඡායාරූපය වියට්නාම යුද්ධය ඉකමනින් අවසන් වීමටත් හේතු වූ බව පැවසෙනවා.

මෙය ගෙන  තිබුණේ මීට  වසර 43ට පෙර එනම් 1972 වසරේදී Trang Bang නම් ගම්මානයේදීයි. මෙහි නිරුවතින් දිව එන ගැහැණු දරුවා අද වයස අවුරුදු 52 ක කාන්තාවක්. ඇගේ නම  Kim Phuc.

ඇගේ පවුලේ පිරිස අවතැන් වී පන්සලක ලැඟුම් ගෙන සිට ඇත. ඒ අවස්ථාවේ නවාතැන් ගෙනසිටි ප්‍රදේශයට බෝම්බ හෙළීමත් සමඟ  ඇගේ සිරුරටත් ගිණි ඇවිලීම හේතුවෙන් ඇය ඇඳුම් සියල්ල ගලවා දමා  බෝම්බ වලින් බේරීමට දුව ගොස් තිබෙනවා.  

පසුව ඇය ඇතුළු අනිත් දරුවන් ආරක්ෂිතව රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ මෙම  ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා වන Nick Ut විසිනුයි.

Kim Phuc පවසන පරිදි පසුකලෙක ඇය  මෙම ඡායාරූපයට  මහත් සේ වෛර කර තිබෙනවා. නමුත් දැන්  තත්ත්වය වෙනස්.  ඇයට කරදරයක් වූ මෙම ඡායාරූපය දැන් ඇය ලෝක සාමය වෙනුවෙන් යොදාගන්නවා.

එකසත් ජාතීන්ගේ නියෝජිතයෙක් ලෙස ක්‍රියාකරන Kim Phuc මෙම ඡායාරූපයත් රැගෙන යුද්ධයේ බිහිසුණු බව පිළිබඳ විස්තර කරමින් ලෝකය පුරා සංචාරය කරනවා. ඒවගේම ඇය  යුද්ධයෙන් අසරණ බවට පත්වෙන දරුවන්ට පිහිට  වීම සඳහා සුබසාධන වැඩපිළිවෙලක්ද පවත්වාගෙන යනවා.

vietnam1

vietnam3

vietnam4

vietnam6

worky

worky1

ld add copy

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us