මිලින්ද, මෛත්‍රීට ළං වුණේ හොඳකට නොවේ. Featured

Published in පුවත්
Monday, 22 June 2015 15:29

අසාර්ථක දේශපාලකයකු වූ මිලින්ද මොරගොඩ මහතා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව උපදේශකවරයකු ලෙස පත් කර ගැනීම චීන රජයේ බලපෑමෙන් සිදු වූවක් විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. එමෙන්ම හිටි හැටියේම මිලින්ද මොරගොඩ වැන්නෙකුට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීමත් ඔහු විසින් ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වන බව ප්‍රකාශය කිරීමත් යම් සූක්ෂම දේශපාලන සැලසුමක කොටසක් බව පෙනී යන බව ඔවුන් පෙන්වා දෙති.

මිලින්ද මොරගොඩ මහතා උග්‍ර රනිල් විරෝධියකු වන සිරස හිමිකරු කිලී මහරාජා විසින් මෙහෙයවන්නකු ප්‍රසිද්ධ කරුනක් වන අතර කිලී මහරජා යනු චීනයේ වුවමනාවන් මත මෙරට දේශපානය හැසිරවීම සඳහා සිය මාධ්‍ය මෙන්ම ඇතැම් දේශපාලකයන්වද යොදා ගන්නෙකි. ඔහු රටේම විරෝධයට හේතු වී තිබෙන කොළඹ වරාය නගරය යළි ඉදිකිරීම වෙනුවෙන් සුබවාදී ජනමතයක් ඇති කිරීම සඳහා සිරස මාධ්‍ය ජාලය දිගින් දිගටම යොදා ගනිමින් සිටී. වරාය නගරය ඉදි කිරීම ව්වෙනුවෙන් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නම්මවා ගැනීමටද ඔහු සමත්ව සිටී.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ගේ නව දේශපාලන ආගමනයෙහි ප්‍රධාන සෙන්පතියාව සිටින විදේශ ඇමැති මංගල සමර වීර මහතාව පාලනය කිරීමත් මොරගොඩ මහතාව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කිරීමට තවත් හේතුවක් වී ඇති බවත් දේශපාලන නිරීක්ෂක මතය වේ. කිලී මහරාජා මෙවර එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කිරීමට සූදානම් වන බව මෙයින් පැහැදිලි බවත් ඔවුන් පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us