20 සම්මතයට පමණක් නව ආණ්ඩුවක්-රතන හිමි

Published in පුවත්
Wednesday, 17 June 2015 11:12

නව මැතිවරණ ක්‍රමය සම්මත කර දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකරනවා නම් එය සම්මත කිරීම සඳහා පමණක් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

නව මැතිවරණ ක්‍රමය සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද රතන හිමියෝ සඳහන් කළහ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසට එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා නම් ඒ තුළින් පෙන්නුම් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බවය යන්නත් උන්වහන්සේ සඳහන් කර සිටියහ.

වර්තමාන ආණ්ඩුව 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා නිසි ලෙස කටයුතු කෙරුවානම් මේ වනවිට නව මැතිවරණ ක්‍රමය රට තුළ සම්මත වී හමාර බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසා සිටියහ.

එහෙත් එක්සත් ජාතික පක්ෂය සෑමවිටම කටයුතු කරන ලැබුවේ නව මැතිවරණ ක්‍රමය සම්මත නොවන තැනට බවත්, ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි පාර්ලිමේන්තුවකදී නව මැතිවරණ ක්‍රමය සම්මත කර ගන්නා බවට යැයිද උන්වහන්සේ අවධාරණය කළහ.

එහෙත් ඉදිරි පාර්ලිමේන්තුව තුළින් මෙය සම්මත කර ගැනීම පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්, තැටිය රත් වී තිබෙනා මේ මොහොතේදී යකඩ තලා ගන්නවා සේම නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව උණුසුම ඇති වී තිබෙනා මොහොතේ එය සම්මත කර ගත යුතු බවද සඳහන් කර සිටියහ.

ජනමතයට ගරු කර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනතා විමුක්ති පෙරමුණ සිදුකරණ උද්ඝෝෂණ ව්‍යාපාර සියල්ලම 20 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම සම්මතර කරන ලෙසට හැරවිය යුතු බවත්, 20 සම්මත කරන ලෙස ඉල්ලා තම සංවිධානයද ජනතා පෙළගැස්මක් සිදුකරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.

(අද)

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us