FCID ගැන කරුණු දක්වන්න, නීතිපතිට නොතීසි

Published in පුවත්
Thursday, 11 June 2015 14:34

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.


පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

පෙත්සම්කරුවන් පවසන්නේ මූල්‍ය අපරාධ කොට්ඨාසය අග්‍රාමාත්‍යවරයාගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් මඟින් පාලනය වන බවයි.

මේ නිසා අදාළ කොට්ඨාසය ස්වාධීන බවින් තොර ආයතනයක් බව සඳහන් කරන පෙත්සම්කරුවන් එය තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම අද කැඳවු අවස්ථාවේ අභියාචානාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් පළමුව කරුණු විමසීම අවශ්‍ය බවයි.

ඒ අනුව පෙත්සම මේ මස 17 වනදා කැඳවීමට නියම කළ අභියාචානාධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නොතිසි නිකුත් කර ඇත.

අද දෙරණ

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us