150 කට ද්විත්ව පුරවැසිභාවය හිමිවේ -තව 264 කට ළගදීම

Published in පුවත්
Thursday, 11 June 2015 13:36

පසුගිය රජය විසින් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ඔවුන්ගේ දේශපාලන හිතවතුන් සීමිත පිරිසකට පමණක් ලබාදුන් බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.අද (11) විදේශ කටයුතු අමාත්‍යංශයේදී 150 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දින සියයේ පොරොන්දුවක් ඉටුකරමින් මේවන විට විශාල පිරිසකට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

මීට පෙරාතුව මෙම වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ 200 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී අැති බවද තවත් 641 දෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ද්විත්ව පුරවැසිභාවයේ දොරගුළු විවර කළ බවත්, සියලුදෙනාටම මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් ඔහු ‍අවධාරණය කළේය.

විදේශ රටවල වෛද්‍යවරුන්,ඉංජිනේරුවරුන් වැනි බොහෝ පිරිසක් සේවය කරන නිසා ඔවුන්ගේ සේවය තමන්ගේ මව්බිමටද ලබාදීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us