බස් ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලයි

Published in පුවත්
Thursday, 11 June 2015 10:16

අවම බස් ගාස්තුව රුපියල් 10ක් ලෙසත් අනෙක් ගාස්තු 10% කිනුත් ඉහළ දමන ලෙසට බස් සංගම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර අැත.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ජූලි මාසයේදී වාර්ෂිකව සිදුවන බස් ගාස්තු සංශෝධනයට අනුව මෙම ගාස්තු වැඩි වීම සිදුකළ යුතු බවට බස් සංගම් ඉල්ලා සිටීමට සූදානම් බව වාර්තා වේ.

බස් ගාස්තු සංශෝධනය කිරීමේ දී කරුණු 12ක් සැලකිල්ලට ගන්නා බවත් අදාළ කරුණු 12 සැලකිල්ලට ගැනීමේදී ඉන්ධන මිල අඩු වුවද, ඉතිරි සාධක 11කට බලපාන භාණ්ඩ හා සේවා ගාස්තු පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වනවිට 200% කින් ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව අදාළ බලධාරීන් දැම්නුවත් කර තිබෙන බවත්, අඩුම වශයෙන් ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කර පෙරගෙවුම් කාඩ්පත හඳුන්වා දුන්නා නම් මෙවර ගාස්තු සංශෝධනයේදී ජනතාවට සහන ලබාදීම පිළිබඳව සලකා බැලීමට තිබූ බවත් ඔහු පවසා සිටියේය.

එහෙත් එවැන්නක් සිදුනොවීම නිසා ජූලි පළමුවැනිදා සිට අවම ගාස්තුව වශයෙන් පවතින රු. 8 ගාස්තුව රු.10 දක්වා ඉහළ දමා එතැන් පටන් 10% කින් බස් ගාස්තු ඉහළ යා යුතු බවද ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.

ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වියයුතු බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් ලබාදෙන ලෙසට තම සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

මීට අමතරව ඉදිරියේදී සිදුවන බස් ගාස්තු සංශෝධනයේදී බස් හිමියන් බලාපොරොත්තු වන ගාස්තු ප්‍රමාණය අද (11දා) පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී රටට හෙළිකරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ අතර, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි.

බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පූර්ණ බලය පවතින ආයතනය වන ජාතික ගමනා ගමන කොමිසම් සභාව විසින් බස්ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව සිදුකළ සොයාබැලීම් වලට අනුව කළ ගණනය කිරීම් වලදී ලබන ජූලි මාසය තුළ දී බස්ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍යතාවක් නොවන බවට හෙළි වී ඇති බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙවී ගිය වසරක කාලය තුළදී බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සලකා බලන සාධක 12 හි මිල ගණන්වලට අදාළ වන සමස්ත මිල වෙනස බස්ගාස්තු වැඩි කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවද හෙළිවී ඇතැයි ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සහන් කරයි.

අද

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us