20ට මුවාවෙලා මැතිවරණය කල් දාන්න දෙන්නෙ නෑ - අජිත් පී පෙරේරා

Published in පුවත්
Monday, 01 June 2015 16:32

20 වන ව්‍යවස්ථා සංශෝධනය පෙන්වමින් මැතිවරණය කල් දැමීමට උත්සහ කිරීමේ උපායට තමන් හසු නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි. අද (ජුනි 01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට බවත් ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීමට අවශ්‍ය නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මණින් සම්මත කරගැනීමට අවශ්‍ය බව පවසයි. නමුත් එය සම්මත කරගැනීමට යථාර්ථවැදී අවකාශයක් නොමැතිනම් එය පෙන්නමින් මැතිවරණය කල් දැමීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමේ දේශපාලනය නොකළ බවත් ඔවුන් ගමේ දේශපාලනය මෙහෙයවුවේ රජයේ නිලධාරීන් හරහා බැවින් ඔවුන්ට ගම තුල දේශපාලනය කළ නොහැකි බව අජිත් පී පෙරේරා පවසයි. මේ නිසාම ආසන ක්‍රමය හරහා වුවත් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබිය හැකි බව ඔහුගේ අදහසයි.

නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ "මහින්ද රාජපක්ෂ තමන් පන්සල් යනවාටත් මේ රජය විරුද්ධ බව ඊයේ ප්‍රකාශ කරා. නමුත් අපි විරුද්ධ පන්සල වගේ වැදගත් ආගමික ආයතනයක් තමන්ගෙ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදාගැනීමටයි. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ කළ යුත්තේ බුද්ධාගමේ කරුණු අනුව යමින් තම දරුවන් සහ ඥාතීන් සමඟ සැදෑ සාමය ගතකිරීමයි."

එසේම තමන්ගෙන් පළිගන්නා බවට චෝදනා කරමින් සිටිනවාට වඩා මහින්ද රාජපක්ෂ සහ බිරිඳ සියලුම දේශීය විදේශීය ගිණුම් පිළිබඳ තොරතුරු සහ දේපල පිළිබඳ හෙළි කරන්නේ නම් සියලු දෙනාටම පහසු වනු ඇති බව අජිත් පී පෙරේරා පවසයි.

{soundcloud}https://soundcloud.com/lankadaily/ajith2015-06-01-134139{/soundcloud}

Last modified on Monday, 01 June 2015 16:45

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us