මෙම තරගයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට දේශාන් දයාරත්නට හිමි වූ අතර තෙවැනි ස්ථානය වෛද්‍ය සහායක සුමේන්ද්‍ර රිෂ්ට හිමිවිය.
රණවිරු රියල් ස්ටාර් අවසන් මහා තරගය පෙරේදා (26 ) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ සැගවුන කලා කෞශල්‍යයන් එලි දැක්වීම සදහා රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ආරම්භ කරන ලදී.