ගම්පොළ විදානගේ ඉන්දික (35) නමැති සැකකරු මත්කුඩු තොගයක් රැගෙන නිවසට පැමිණි බවට පොලිසියට ලැබුණ තොරතුරක් මත කොහුවල, කඩවත පාරේ නිවස අසලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 300 ක් තිබූ බවද පොලිසිය පැවසී ය.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වේ.