තොරණ ගහන්න ඕන කතාවලින් චිත්‍රපට හදපු රටක් මේක - සනත්

Published in අනං මනං
Saturday, 09 May 2015 12:25

ඔබ 'සිනහව අතරින්' වගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හේතුව සහ ඒ සඳහා පසුබිම් වුණ කාරණා මොනවාද?

මේ චිත්‍රපටයේ කතාව තෝරාගන්නේ මීට කාලයකට ඉස්සෙල්ලා. ඒ මගේ ප්‍රථම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ කතාවක් ඇසුරින්. නමුත් කතාවේ චරිත දිහා බලනකොට මට තේරුණා මේ චරිතවල තිබෙන සැබෑ ස්වරූපය. මේක සත්‍ය කතාවක්. ඒ වගේම මේ චරිත ලෝකයේ කොහේ ජීවත් වුණත්, මොන ජාතියකට අයිති වුණත්, මොන ආගමක් ඇදහුවත්, මේක තුල කිසියම් ආකාරයක මනුෂ්‍ය දහම, මනුෂ්‍යයෝ හැසිරෙන ආකාරය, මනුෂ්‍යයන්ගේ සිතුම් පැතුම් තමයි විද්‍යමාන වෙන්නෙ. ඒ නිසා මම ඒකෙන් තිර රචනයක් සකස් කළා. දශකයකට වැඩි කාලයක් තිස්සේ මේ තිර රචනය එහාට මෙහාට වෙවී දිනෙන් දින උසස් තත්ත්වයකට ආවා. එහෙම ආව තිර රචනයෙන් තමයි චිත්‍රපටයක් කළේ.

වත්මන් සිනමාවේ යම් කඩාවැටීමක් සමඟම ප්‍රේක්ෂකාගාරය තුළ යම් ප්‍රේක්ෂක හිදැසක් ඇතිවෙලා තිබෙනවා. ඔබ විශ්වාස කරනවද ඔබේ චිත්‍රපටය මේ ප්‍රේක්ෂක හිදැස පුරවයි කියලා

ඔව්! අපි මෙහෙම ගමුකො. මේක අධ්‍යක්ෂණයේ ඉඳලා පල්ලෙහා මට්ටමට යනකම් අඩුපාඩු පෙන්නලා දෙන්න ඕනතරම් කට්ටිය ඇති. එහෙම පෙන්වා දීපු අයත් ඉන්නවා. ඒක හරි හොඳයි.මම එහෙම කියන එක වැරදියි. නමුත් මම මේ අවංකව කියන්නේ සමස්තයක් වශයෙන් මේ දක්වා කිසිම කෙනෙක් මේ චිත්‍රපටය බැහැර කරලා නැහැ. ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ ප්‍රතික්ෂේප නොකරන්නේ ඔවුන්ට තේරෙනවා මේක යම්කිසි අවංක නිරමාණයක් කියලා. ඒ නිසා තමයි මං හුඟක් සතුටු වෙන්නේ. මොකද මේක අවංක නිරමාණයක්. අපේ සිනමා කලාව තුළ තියෙනවනේ පොඩි රැවටිලි ගතියක්. මිනිස්සුන්ව sanath2රවට්ටනවා. අපි මේ තොරණේ ගහන්න ඕන ඒවායින් ෆිල්ම් ගහපු රටක්නේ. අද මිනිස්සු කැමති නැහැ එහෙම රැවටෙන්න. ඒ රැවටිල්ල අපි කරලා නෑ. ඒකයි මේක අවංක නිර්මාණයක් කියන්නේ.

ඔබ කියන විදිහට චිත්‍රපටය අවංක නිරමාණයක් වෙන්නෙ මේක ඇත්තටම ඔබේ කතාව නිසාද?

එහෙමමත් නෙමෙයි. මම 'එකමත් එක රටක' අධ්‍යක්ෂණය කරද්දීත් මං ඒකට මගේ පෞද්ගලික අත්දැකීම් එකතු කළා. නමුත් මේක ඊට වඩා විවෘතයි, මේ චරිතත් හරි විවෘතයි, මේ චරිත හැමෝටම දකින්න පුළුවන් චරිත. ඒ නිසා තමයි ගොඩක් අය හිතන්නේ මේක සනත්ගේ අත්දැකීමක් කියලා, මේක මගේ ජීවිත කතාව කියලා. නමුත් එහෙම හිතාගෙන ගිහින් චිත්‍රපටය බලන අය එළියට ඇවිත් කියනවා මේක සනත්ගේ නෙවෙයි මගේ ජීවිත කතාවනෙ කියලා.

මේ ඔබේ කීවෙනි චිත්‍රපටයද?

මම අධ්‍යක්ෂණය කරපු දෙවන චිත්‍රපටය. රචනය ලියපු තුන්වන චිත්‍රපටය

නමුත් තවමත් සනත් ගුණතිලක කියන නළුවා තරම් සනත් ගුණතිලක කියන අධ්‍යක්ෂකවරයා සහ තිර රචකයා සාර්ථක වෙලා නෑ කිව්වොත්?

ඔව්, ඕන කෙනෙකුට එහෙම චෝදනා කරන්න පුළුවන්. මගේ විරාගයේ රඟපෑම් පවා විවේචනයට ලක් වුණ අවස්ථා තියෙනවා. ඒවා මම බොහොම මැදිහත් සිතින් බලාපොරොත්තු වෙනවා. එහෙම විවේචනයක් වෙනවනම් ඒක හොඳයි. නමුත් ඒ විවේචන එක්ක සාධාරණ හේතුත් පෙන්වලා දෙන්න ඕන. එහෙමයි වෙන්න ඕන. මට ද්වේශසහගතව කරන චෝදනායි, කිසියම් පදනමක ඉදන් කරන විවේචනයි හඳුනාගන්න හැකියාව තියෙනවා.

සමස්ථයක හැටියට චිත්‍රපටය ගැන සහ මේ වනවිට චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

ඔව්! මට හුඟක් සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද ඒ ප්‍රතිචාර ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒක මට සතුටට කරුණක්. මේක දැවැන්ත නිර්මාණයක් නෙවෙයි. නමුත් මමත් නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයත් සැලැස්මකට අනුව තමයි මේ කටයුතු කළේ. චිත්‍රපටයට අද ලැබෙන දැවැන්ත ප්‍රතිචාරය මට ඉතා සතුටට කරුණක්.

කාලයක් අපි ඔබව දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රීය චරිතයක් හැටියට දුටුවා. දැන් ඒ සනත් ගුණතිලක කියන දේශපාලන සත්වයා කොහේද?

දැන් දේශපාලනය කියන එක කෙරෙන බවක් පේන්න නැහැ. දේශපාලනය තුල මම බලාපොරොත්තු වෙන්නේ දේශයට සේවාවක් වෙන්න ඕන. පසුගිය කාලාන්තරයක් තිස්සෙ එහෙම සේවයක් වුණාද කියන එක ප්‍රශ්නාර්ථයක්. නැවත වතාවක් යම්කිසි ආකාරයකට මහජනතාවට සේවයක් කරන්න පුළුවන් තත්ත්වයක් අවොත් මම යම් දෙයක් කරයි. නැතුව මේ තමන්ගේ පක්ෂ තුලම ඇනකොට ගන්නා දේශපාලනය මම පිළිකුලින් බැහැර කරනවා. මම එවැනි තත්ත්වයකට ලඟා වෙන්න කැමති නැහැ.

සිනමාව ගොඩගන්න දේශපාලනය හරහා අවස්ථාවක් ලැබුණොත් ඒකට එකඟ වෙනවාද?

මම නෙවෙයි වෙන කවුරු හරි වුණත් සිනමාව වෙනුවෙන් කටයුතු කරනවා නම් මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ නිසා මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන්, මට දෙන්න පුළුවන් දෙයක් මම ඒ වෙනුවෙන් දෙනවා. නමුත් අපි දැනටමත් හුඟක් පරක්කු වෙලා වැඩියි කියන එක කියන්නම ඕනේ.

කසුන් සමරතුංග
උපුටාගැනීම : රන්දිව

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us