'අගමැති ධුරය අහෝසි කළ යුතුයි' - අගමැති

Published in පුවත්
Saturday, 26 July 2014 16:41

මේ රටට අගමැති ධුරයක් අවශ්‍ය නැති බවත් වත්මන් අගමැති ධුරය අහෝසි කළ යුතු බව තම පෞද්ගලික අදහස බවත් මේ රට ස්වාධීන සංවර්ධිත රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමට නම් විධායක ජනාධිපති ධුරය තව දුරටත් රටට අත්‍යවශ්‍ය බව අගමැති ආචාර්ය දි. මු. ජයරත්න මහතා අවධාරණය කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය පෙර පැවැති සෑම ජනාධිපතිවරණයකදීම කරළියට පැමිණියත් එය කතාවට පමණක් සීමාවූ අතර රට රැකීමට විධායක ජනාධිපති ධුරය අවශ්‍ය බව ද කීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට විපක්ෂය දැන් සිටම රටේ වැරැදි මතයක් ඇති කරමින් යන බව ද අගමැති දි. මු. ජයරත්න මහතා කීය.

විධායක ජනාධිපති ධුරය රටට අහිතකර බවට දැන් සිටම විපක්ෂය රටේ මතයක් ඇති කරනුයේ ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයාට මුහුණ දීමට නොහැකි නිසා බවත් පොදු අපේක්ෂකයකු ගැන විපක්ෂය සිහින මවන්නේ ද ඒ නිසා බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ රටේ සිටිනුයේ එකම පොදු අපේක්ෂකයකු වන අතර ඒ අන් කිසිවකු හෝ නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මේ රටේ සියලු දේශපාලන පක්ෂ සහ සියලු ජන කොටස් සමඟ සහයෝගයෙන් කටයුතු කරන එකම දේශපාලනඥයා ජනාධිපතිතුමා බවත් අගමැති තුමා අවධාරණය කළේය.

අගමැතිවරයා ඉහත කාරනා සඳහන් කර ඇත්තේ, සිළුමිණ පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us