මේ ක‍ටුසු ලොක්කාට ලැජ්ජාවක් නම් නැත

Published in පුවත්
Thursday, 30 April 2015 21:04

සරසවි සිසුන් ඝාතනය කළ එළව එළවා පහර දුන් මහින්ද රාජපක්ෂ යුගයේදී ඒ හිස් මුදුනෙන්ම අනුමත කළ එවකට ඇමැති විමල් වීරවංශ ඊයේ (28)පොලීසිය සරසවි භික්ෂූන්ට එල්ල කළ පොලිස් පහර දීම හෙලා දැක නිවේදනයක් නිකුත් කොට තිබේ.

සරසවි සිසුන්ට පහර දීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාමාර්ගයක් බවට විවාදයක් නැති මුත් විමල් වීරවංශ නැමැති මේ ක‍ටුසු දේශපාලකයා විසින් නිකුත් කරනු ලැබු නිවේදනයට හිනා විය යුත්තේ පශ්චාත් භාගයෙන් නමුත් මෙහි ඇති කණගා‍ටුදායක තත්වය නම් මේ ‍රැවටිලිකාර මජර දේශපාලනය පිළිගන්නා තකතීරුවන් තව දුරටත් ඉතුරුව සිටීමය.කිසි හිරිකිතක් ලැජ්ජාවක් නොමැතිව මෙවැනි නිවේදන නිකුත් කිරීමට මේ විමල්ලාට තවමත් හැකිව තිබෙන්නේ එබැවිනි.

මේ විමල්ගේ නොදන්නා කම, මෝඩ කම හෝ විසුළුකාරී ස්වභාවයක් ලෙස තේරුම් නොගත යුතුය.

දේශපාලනයේදී අන්දරේලා සිටිය හැකි මුත් අන්දෙරේලා මෙන් වෙස් වලාගත් තක්කඩි සිටීම අතිශය අනතුරු දායකය. අප දන්නා අන්දරේ අවංක මිනිහෙකි, අහිංසකයෙකි. ඒත් මේ අන්දරේ රටක් විනාශ කළ හැකි යක්ෂයෙකි.මේ ලේ පිපාසිත සටකපට යක්ෂයකි.

 

 

විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

 

විශ්ව විද්‍යාල ශාස්ත‍්‍රීය විෂයයන් කප්පාදුවට සහ භික්‍ෂුන්වහන්සේලා බඳවා ගැනීම කප්පාදුවට විරෝධය පා සාමකාමී පාගමනකින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙත පැමිණි අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ භික්‍ෂූන්වහන්සේලාට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයන් එල්ල කිරීම දැඩි සේ හෙළා දකින්නෙමු.

සිය සාධාරණ ඉල්ලීම් ඉටුකිරීම බලධාරීන් මගහරින විට ඊට විරෝධය පෑමේ ශිෂ්‍ය ප‍්‍රජාව සතු සාධාරණ අයිතිය උදුරාගනිමින් මෙසේ කටයුතු කිරීම ඉතාමත් නින්දිත ක‍්‍රියාවකි. මීට ඉහතදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැති සාමකාමී උද්ඝෝෂණයටද මෙවැනි ‘යහපාලන කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර’ එල්ල විය. විශ්ව විද්‍යාල සිසුන්ගේ මෙතෙක් නොවිසඳී ඇති ගැටළු සියල්ල විසඳන බවට දස අතේ පොරොන්දු දුන් ආණ්ඩුවක් ඒ පොරොන්දු සිහිපත් කිරීමට පැමිණි භික්‍ෂූන්වහන්සේලාට පවා මෙසේ පහරදී පන්නා දැමීම යහපාලනය දැයි අපි ප‍්‍රශ්න කර සිටින්නෙමු.

ජනතාවට දින 100 තුළ ක්‍ෂණික සහන 100ක් ලබාදෙන බවට තම මැතිවරණ ප‍්‍රකාශනයෙන් පොරොන්දු වූ මේ ආණ්ඩුව දින 100 අවසන් වනවිට ඉන් ඉටුකර ඇත්තේ අටක් පමණි. විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා භික්‍ෂූන්වහන්සේලා සංඛ්‍යාව වැඩි කිරීම ද ඉහතකී ක්‍ෂණික ජනතා සහන ලැයිස්තුවෙහි ඇතුළත්ය.

එහෙයින් මෙවැනි නින්දිත ක‍්‍රියාමාර්ග අනුගමනය නොකර දුන් පොරොන්දු හා සාධාරණ ඉල්ලීම් ඉටුකිරීමට වහා කටයුතු කරන ලෙසට ආණ්ඩුවට බලකර සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us