කොරියානු රැකියා පෝලිම පනි !

Published in පුවත්
Saturday, 26 July 2014 14:56

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් 2012 හා 2013 වර්ෂවලදී සමත් වූ සිසුන්ට කොරියානු රැකියා අවස්ථා හිමිවුවද, 2011 වර්ෂවලදී එම විභාගයෙන් සමත් වූ සිසුන් 2,500කට ආසන්න පිරිසකට මෙතෙක් කොරියානු රැකියා අවස්ථා නොලැබීම හේතුවෙන් ඔවුහු මහත් අසීරුතාවකට පත්ව සිටිති.

කොරියානු රැකියා සඳහා පිටත්ව යෑම වෙනුවෙන් රුපියල් 15,000 බැගින් වැයකරමින් වාර දෙකකදී වෛද්‍ය වාර්තා පවා සකස් කරගත් බව පවසන ඔවුහු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවිධිමත් වැඩපිළිවෙළ නිසා තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි පවසති.

ලබන මස 26 වැනිදායින් කොරියානු රජය සමඟ ඇති තම සේවා ගිවිසුම් කාලය අවසන් වන බව ඔවුහු පවසති.

මීට විරෝධය පළ කරමින් කාර්යාංශය ඉදිරිපිටදී සහ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අවස්ථා කිහිපයකදීම මොවුන් උද්ඝෝෂණ කර ඇති අතර කොරියානු රජයේ ශ්‍රමිකයන් සම්බන්ධ නීති රෙගුලාසිවලට අනුව උද්ඝෝෂණය කිරීම් ආදිය තහනම් නිසා මොවුන් අසාදු ලේඛනගත කිරීමට කොරියානු රජය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගෙන්කළ විමසීමේදී හෙතෙම පැවැසුවේ මේ සම්බන්ධ ලිපියක් කොරියානු රජයෙන් ලැබී ඇති බවත් කොරියානු රජයේ ප්‍රධානීන් හමුවී මෙම ගැටලුව විසදා ගැනීමට තමන් ඉදිරි සතියේදී කොරියාවට යන බවත්ය.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us