ටයිම්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය ඇරඹේ

Published in පුවත්
Friday, 25 July 2014 20:57

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකරදෙන ටයිම්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය -2014 මෙවරත් ජූලි මස 26 හා 27 යන දිනයන්හි BMICH හි දී උදේ 11.00 සිට හවස 6.00 දක්වා පැවැත්වෙන අතර ඒ සදහා ලොව පුරා සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලල පාසල් හා අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකවෙහි ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතන රැසක් ද සහභාගී වේ.

එමගින් ශ්‍රී ලාංකේය සිසු දරුවන්ට විවිධ ක්ෂේත්‍රවලින් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබාගැනීම සදහා ඇති අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමක් හා මඟ පෙන්වීමක් සිදු කරනු ලබයි.

පාසල් සිසුන්ට පමණක් නොව උපාධිල පශ්චාත් උපාධි හා ඩිප්ලෝමා අපේක්ෂයින්ට මෙන්ම අධ්‍යාපන උපදේශකයින්/ගුරුවරුන් / රැකියා සොයන්නන් / මූල්‍ය ආයෝජකයින් හා කලමණාකරුවන් / වීසා උපදේශකයින් / අධ්‍යාපන ණය දෙන බැංකු යනාදි බොහෝදෙනාට ඉතා වැදගත් අවස්ථාවක් වශයෙන් මෙම ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය හැඳින්විය හැකිය.

පස්වන වරටත් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය සඳහා සහභාගී වන විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මගින් ඉංජිනේරු/ තාක්ෂණ /කළමනාකරන /තොරතුරු තාක‍ෂණ/ ගෘහ නිර්මාණ ශිල්පය / විලාසිතා/ සංගීත යනාදී විෂයයන් රැසකින් උසස් අධ්‍යාපන අවස්ථාවන් ප්‍රදානය කරනු ලබයි.

එමෙන්ම වෘත්තීය හා තාක්ෂණ ආයතන මගින් නීති/ ගුවන් නියමු/ මූල්‍ය/ මාධ්‍ය/ හොටෙල් කළමනාකරනය/ ව්‍යාපාර කළමනාකරනය/ විදේශීය භාෂා යනාදී උසස් අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳව මෙරට සිසුන්ට මඟ පෙන්වීමක් සිදු කරනු ලබයි.

ජාලගත හා දුරස්ථ අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳව සැලකිළිමත් වන උපාධි අපේක්ෂිතයින් සඳහා සේවා සලසන අධ්‍යාපන ආයතන රැසක් ද මෙවර ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය 2014 සඳහා සහභාගී වේග විදේශීය විශ්ව විද්‍යාල සමග මුහුණට මුහුණ සාකචිඡා කොට තමන්ට අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම සඳහා දැනුවත්වීමට මෙරට සිසුන්ට ලැඛෙන අනගි අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකිය.

එපමණක් ද නොව උසස් අධ්‍යාපනය සඳහා ණය දෙන මූල්‍ය ආයතන මෙන්ම වීසා සඳහා උපදේශන සේවා යනාදි පහසුකම් ද එකම ස්ථානයකින් ලබා ගැනීමට මෙරට උපාධි අපේක්ෂිතයින්ට වරම් හිමි වේ.

පසුගිය වසරේ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැත්වූ උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයට මෙරට පාසල් හා උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ ඉහල සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර උසස් අධ්‍යාපනය ලැබීම සඳහා වන අනඟි අවස්ථාවක් වශයෙන් මෙම ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය හැඳින්විය හැකිය.

IEE-1IEE-2IEE-3IEE-4IEE-6

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us