'බොදු බල සේනාව තහනම් කල යුතුයි' -ඩිලාන්

Published in පුවත්
Friday, 25 July 2014 11:45

නැවත වතාවක් කළු ජූලියක් ඇති කිරීමට බොදුබල සේනාව උත්සාහ කරන බවත්, බොදුබල සේනාව සහ අන්තවාදී මුස්ලිම් සංවිධාන ඇතුළු ජාතිවාදය අවුලන සියලූ සංවිධාන තහනම් කළයුතු බවත් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ‘83 කළු ජූලිය යළිත් එපා- ජාතික සමගියට දෙඅත් ගනිමු’ තේමාව යටතේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති විරෝධතා රැස්වීමකට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

''83 කළු ජූලිය ඇති කිරීමට එවකට රට පාලනය කළ එජාපය වගකිව යුතුයි. එදා ඇතිකළ අදුරු සෙවණැලි යළි ඇති කරන්න යම් පිරිසක් උත්සාහ කළ බව පේනවා.

බොදුබල සේනාව කරන්න හදන්නේ ඒ කළු ජූලිය නැවත ඇති කරන්න. නමුත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ජාතිවාදය අවුස්සලා, කාලකණ්ණි 83 කළු ජූලිය යළිත් ගේන්න හදනවා.

මම කියන්නේ ජාතිවාදී සංවිධාන තහනම් කරන්න ඕනෑ. බොදුබල සේනාව තහනම් කරන්න ඕන. ඒ වගේම අනිකුත් අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම් කරන්න ඕන. අපේ රටේ ජාතිවාදය නෑ. ජාතිවාදය ගේන්න ඉඩ දෙන්නෙත් නැහැ''

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us