පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ(20) පස්වරු හයේ සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම ප්රකාශයට පත් කරනු ලැබුණි.
රත්නපුර, මහනුවර, බදුල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් මහරගම ප්රදේශයේ නිවාස 15කට ද දැඩි හානි සිදුව තිබේ.