බොබසේ නමින් අප වෙත ලියා එවනු ලැබූ මඤ්ඤං ලියවිල්ලක්

Published in පුවත්
Friday, 10 April 2015 18:41

රටක දියුණුව පිණිස අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ සාමය හා ස්ථාවරත්වයයි. ඒ උදෙසා රටක දේශපාලන ස්ථාවරත්වය අතිශය තීරණාත්මක වූ කරුණකි. වසර 70 කට ආසන්න කාලයක් තුල අපේ නායකයින්ට අපේ රට දියුණු කිරීමට නොහැකි විය.

මේ වකවානුව තුල මේ රට තුල විවිධ කණ්ඩායම් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කරමින් සිය ජනතාවගේ විමුක්තියේ නාමයෙන් හුදෙක් තමන්ට බලය ලබා ගැනීම පිණිස රටේ අනාගතය පිලිබඳ සිහින විනාශ කර දැමු බව අපට ඉතා පැහැදිලිය. අද අප රට තුල සිදු වන්නේ කුමක්ද ?

පසුගිය දින 90 යනු අපේ රටේ ස්ථාවරත්වය, භෞමික අඛණ්ඩතාවය එනම් ජාතික ආරක්ෂාව ඉතිහාසයේ කිසිදු දිනකවත් මුහුණ නොදුන් භයානක තත්වයකට රැගෙන ගිය වකවානුවක් බවට වන බව ඇස්, කන් පමණක් නොව සිහි බුද්ධියද ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක. මේ සියල්ල අභිභවා ගොසින් සිංහල ජාතියේ හා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා යහ පැවැත්ම මෙම ඊනියා යහ පාලන දින 90 තුල භයානක තර්ජනයකට ලක් වී ඇත.

මෙහිදී වසර 30 ක යුද්ධය තුල බලවත් වූ ආයුධ ගත් ත්‍රස්තවාදීන් මෙන්ම ආයුධ බිම තබා ප්‍රජාතන්ත්‍රවාදය පොරවා ගත් පිරිස්ද සිය බලය වර්ධනය කල අතර ඊනියා යුද්ධය අවසන් වූ පසු ඔවුන්ගේ බිඳ වැටීම නිසා පසුගිය වසර 5 තුල ඔවුන් ඇතුළු විජාතික බලවේග විසින් කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී කුමන්ත්‍රණය නොහොත් 2015 ජනාධිපතිවරණය ආශ්‍රිත පස් අවුරුදු සැලැස්ම සාර්ථක වීම නිසා අද අප සියලු දෙනා මෙම අර්බුධයේ සිර වී සිටිමු.

අද රට අර්බුදයකට ලක් වී ඇති බව , සමස්ත සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික ඇතුළු සකලවිධි ක්ෂේත්‍රයන්ම විනාශකාරී අර්බුධ රාශියකට ලක් වී ඇති බව නොතේරෙන්නේ මන්ද භුක්තිකයින්ට පමණක් විය හැකි වුවද, මෙම විනාශකාරී අර්බුධය නොදැක සතුටින් සිටින්නේ මෙම විනාශයට නායකත්වය දෙන්නවුන් හා එහි වරප්‍රසාද ලබන සුළු පිරිසක් පමණි. දකින දකින තැන , යන යන තැන ඇත්තේ අනාගතය පිලිබඳ එනම් හෙට දවස පිලිබඳ අවිනිශ්චිත අඳුරු හැංගීම්ය. ජනතාවට , රටට හෙට කුමක් වේද? අද කියන දේ නායකයින් හෙට වෙනස් කාරවිද යන බියකුරු අවිනිශ්චිත මාන්සිකත්වයකය.

· අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථානුකුල නොවන බව ඇමතිවරු පමණක් නොව ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා මාධ්‍ය ඔස්සේ ජනතාවට කියයි.

· බහුතරයක් නොමැති කණ්ඩායමකට අගමැතිකම ඇතුළු ඇමති තනතුරු දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප විනාශ කර දමයි.

· රටේ ඉහල තනතුරුවලට රටේ පුරවැසිකම නැති පුද්ගලයින්ට දීමට දිනකින් පුරවැසි කම් ලබා දේ.

· ඉතිහාසයේ ඉහලම මුල්‍ය වංචාව අලුතින් පත් කල මහ බැංකු ප්‍රධානියා සම්බන්ද වී කල බව රටේ ඇමැති ඇමතිවරුන්ම කියයි. ඔහු නිවාඩු ගෙන ගෙදර සිට මහ බැංකුව දුරකතනයෙන් පාලනය කරන බව ආරංචි මාර්ග පවසයි.

· අමාත්‍ය මණ්ඩලයට අලුතින් පිරිස් එක් කරමින් සිය පොරොන්දු ගෙඩි පිටින් කඩ කරයි.

· සිය ඥාතීන්ට ඉහල තනතුරු ලබා දී ඉහල වැටුප් වැඩි කිරීම පිලිබඳ ප්‍රවෘත්ති පල වෙයි.

· ජාතික ආරක්ෂාව පිලිබඳ ගුණාත්මක හා ප්‍රමාණාත්මක විමර්ශනයකින් හෝ ඇගයීමකින් තොරව යුධ කලාපයේ තිබු ආරකෂක කඳවුරු ඉවත් කරයි (අධි ආරක්ෂිත කලාප ඉවතට, සාම්පූර් කයිට්ස් ආදී හමුදා කඳවුරු ඉවතට)

· විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම

· කුරගල අර්බුධය විසඳීම නොකොට බෞද්ධයින්ට පහර දීම ((බුදු පිළිම වහන්සේටත් කඳුළු ගෑස් ගහයි)

· ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ ඉදිකිරීමට වෙන් කල මුදල් බහිරවයා විසින් ගිල ගැනීම

· ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ ඉදි කිරීම් නවතා දැමීම

· තොරතුරු නොවිමසා සිංහල බෞද්ධ සංවිධාන වලට එරෙහිව ඉස්ලාම් පිරිස් ඉදිරියේ වැරදි ප්‍රකාශ කිරීම

· ව්‍යවස්ථානුකුල නොවන ජාතික විධායක(විහිලු) සභාවක් පත් කිරීම හා ප්‍රජාතන්ත්‍රීය මුලධර්ම වලට එරෙහිව එම ව්‍යවස්ථානුකුල සභාවට පත් කිරීම

· මෙම විධායක සභාව තුල විරුද්ධ දේශපාලන මතධාරීන්ට හිරිහැර කිරීම හා අත්අඩංගුවට ගැනීමට උනන්දු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම වේද අනුගමනය කිරීම

· ව්‍යවස්ථානුකුල නොවන ලෙස හිටපු අගවිනිසුරුවරයා ඉවත් කිරීම

· දේශපාලන හිතවත්කම් මත තමන්ට බලයට පැමිණීමට උපකාර කල අයට පමණක් හමුදාවේ ඉහල තනතුරු හා වරප්‍රසාද ලබා දී අසාධාරණ ලෙස සැලකීම.

· රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නැවත්වීම හෝ ප්‍රමාද කිරීම. රටේ විදේශික ආයෝජනයන් ප්‍රවර්ධනය වෙනුවට පල නොකියා පලා බෙදීම

· අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ප්‍රකාශ කරන ව්‍යවස්ථා කුමන්ත්‍රණය කිරීමට අගමැතිවරයාට ඉඩ දී නිහඩව බලා සිටීම. මෙම ව්‍යවස්ථා සංශෝධන බුද්ධ ශාසනයට හානි කර බව මන්ත්‍රීවරු කියයි.

· කැසිනෝ ඇතුළු සුදු රටින් ඉවත් කිරීමට දුන් පොරොන්දු ඉටු නොකිරීම

· මත්දව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් හෙළිදරුව් නොකිරීම

· පසුගිය රජය විසින් අල්ලා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගෙන් හෙලිදරුව් වන හොර ජාවාරම් පිලිබඳ තොරතුරු සැඟවීම

· ජනාධිපති මන්දිරය තිබියදී එය භාවිත නොකරන බව කියා අමතරව තවත් රජයේ නිල නිවසක් කොළඹින් භාවිත කිරීම

· ජනාධිපතිවරණ කාලයේදී එල්ල කල දුෂණ චෝදනා පිලිබඳ නිවැරදි තීරණ නොගැනීම.

· බෞද්ධයින්ට අකැප භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවන සදාචාර විරෝධී "හලාල් සහතික" කිරීම පාලනය කිරීමට අපොහොසත් වීම (හලාල් වලට එරෙහි වුණොත් අවුරුදු 2 ක් හිරේ දාන නීති)

· ජාතික ගීය දෙමළෙන ගයනා කිරීමට ඉඩ දීම

· හසලක ගාමිණී ස්මාර්කය ඉවතට,

· ජාතික සංවිධාන තහනම් කිරීමට හා නීති ගෙන ඒමට කුමන්ත්‍රණ කිරීම

· රණවිරුවන් හිරේ දැමීමට කුමන්ත්‍රණය කිරීම

· බුද්ධි අංශ ශක්තිමත් නොකිරීම තුලින් ජාතික ආරක්ෂාව අනතුරේ.

· සරදියෙල්( සිරිබිරිස්) අයවැයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම - මෙහි ප්‍රතිලාභ දුප්පත් පවුල් වලට ලැබී නැත.

· රටේ විදේශ සංචිත ඉතා ඉකමනින් පහල මට්ටමකට යාම

· හිටපු රජයේ දුෂිත යැයි චෝදනා ලැබ සිටින ඇමතිවරුන්ට හා මන්ත්‍රීවර නට තනතුරු හා ආරක්ෂාව දීම

· සුදුසුකම් නොමැති පිරිස් වලට ඉහල තනතුරු දීම.

· කොළඹ නගරය අපවිත්‍ර වෙමින් පැවතීම

· කොළඹ නගරය තුල අනවසර ඉදි කිරීම වැඩි වීම

· කොළඹ නගරයේ අනවසර වෙළෙඳාම වැඩි වීම

· විල්පත්තු වන විනාශය නැවත්වීමට කටයුතු නොකිරීම

· සමහර ඇමතිවරුන්ට ඇති මුල්‍ය හා අනෙකුත් චෝදනා ස්වාධීනව පිරික්සීමට ඉඩ නොදීම

· සදාචාර විරෝධී අනයාගමිකරණය වැඩිවීම නැවත්වීමට කටයුතු නොකිරීම

· බුද්ධ ශාසනයේ ආරක්ෂාවට වූ පනත් ගෙන්ඒම ප්‍රමාද වීම

· ඖෂධ පණත සම්මත වුවද බෙහෙත් වර් වල මිල අඩු නොවීම.

· මුල්‍ය පනතසම්මත නොවීම.

· ඇමතිවරු හා නායකයින් අතර ගැටුම් ඉහල යාම හා ජනතාව ප්‍රකෝපකාරී වීම

මෙම ලැයිස්තුව තව දිග හැරිය හැකි අතර එය තවදුරටත් වර්ධනය වීම ජාතියේම අවාසනාවකි.
මෙම සමහර තත්ව හිටපු රජය කාලයේද තිබුණු බව සමහරු පවසති. ගැටලුව වනුයේ ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දු වූ කරුණු වලට අනුව මෙවැනි තත්ව ඇති වීම අනුමත කල නොහැකි වීමය.

මෙලෙස මේ රට තුල සිදු වන වැරදි සහගත යැයි සාමාන්‍ය ජනතාවට තේරෙන සියලු දේ පිලිබඳ බොදු බල සේනා ලෙස අපට ඇති ගැටළු වනුයේ

· බුද්ධ ශාසනයේ පැවැත්මට හානි පැමිණීම

· සිංහල ජාතියේ පැවැත්මට හානි පැමිණීම

· ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක් වීම

· රටේ භෞමික අඛණ්ඩතාවය තර්ජනයකට ලක් වීම

· රටේ ස්වභාවික සම්පත් තර්ජනයකට ලක් වීම

· දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීම, රටේ ඒකීය නායකත්වයක් නොමැති වීම

· පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය ඇතුළු විධායකයේ, ව්‍යවස්ථා දායකයේ හා අධිකරණයේ වූ ප්‍රජාතන්ත්‍රීය පැවැත්මට හා ව්‍යුහයට වැදගත් ආයතන හැල්ලුවට හා විහිලුවට පත් වන පරිසරයක් නිර්මාණය වී තිබීම

· ජනතාවට වගකිවයුතු පාලනයක් අහිමි වූ පරිසරයක් නිර්මාණය වීම.

මේ සියල්ල අප රට දියුණුවේ මාවතට ගෙන යාමට ඇති සියලු ඉඩ කඩ ඇහිරී යන බවක් බොදු බල සේනා දකී. මෙහිදී ව්‍යවස්ථානුකුල නොවන විධායක සභාවේ හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව හා ජනාධිපති වරයා අතර මෙම ගැටළු පිලිබඳ සංගීත පුටු තරඟයක් හා ඒ පිලිබඳ වූ මාධ්‍ය සංදර්ශන නරඹමින් විනෝද වීමට තවදුරටත් ජනතාව සුදානම් නොමැත. ඉහතින් වූ අර්බුධ ගැන සැලකිලිමත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති රටවැසි අයිතීන් ලෙස අපි හඳුනා ගෙන ඇති අතර ඒ පිලිබඳ ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව ඉතා වැදගත් හා සරල යෝජනාවක් ඉදිරපත් කරමු.

ජනාධිපති තුමනි, ඔබ වහාම ඉල්ලා අස් වෙන්න.

එය ව්‍යවස්ථානුකුලයි

අගමති වරයා අස් වීම හෝ පාර්ලිමේන්තුව විසිරවීම හෝ නව ජාතික රජය පිහිටුවීම යනු අර්බුධයට විසදුම නොවේ. රෝගය ඇත්තේ ගසේ මුලේ නම් ගෙඩි කඩා හෝ අතු කඩා රෝගයට පිළියම් කල නොහැකි බව හේතු ඵල ධර්මය අනුව කටයුතු කරන අපගේ පිළිගැනීමයි.

මෙවැනි පරිසරයක් නිර්මාණය විය හැකි බව බොදු බල සේනාවේ නායකයින් ජනාධිපතිවරණයට පෙර පැහැදිලිව ප්‍රකාශ කල බව ප්‍රකාශ කරන්නේ ඉතා සංවේගයෙනි

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us