අල්ලන කුඩු තොග නොඑන ගමන් යයි

Published in පුවත්
Thursday, 24 July 2014 07:46

අත්අඩංගුවට ගනු ලබන මත්කුඩු තොගවලට කුමක්‌ කරන්නේද යන්න මේ දිනවල සමාජයේ ප්‍රබල මාතෘකාවක්‌ වී ඇති බැවින්, දිවයින "පුවත්පත විසින් ඒ පිළිබඳව විශේෂ සමීක්‍ෂණයක්‌" පවත්වා ඇත.

එහිදී හෙළිවී ඇත්තේ, අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග අදාළ නඩු විභාගයෙන් පසු මහෙස්‌ත්‍රාත්වරයකු ඉදිරිපිට ප්‍රසිද්ධියේම වතුරට දමා දියකර අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වළට දමා විනාශ කරනු ලබන බවයි.

එය මත්කුඩු විනාශ කර දැමීමේ සාමාන්‍ය සම්ප්‍රදාය බවද පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරී කමල් සිල්වා මහතා පැවැසීය.

මීට මාස කීපයකට උඩදීද මේ ආකාරයට හෙරොයින් කිලෝ ග්‍රෑම් 9 ක්‌ අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වළට දමා විනාශ කළ බවද පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශ අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග මුලින්ම රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවනු ලබයි. රස පරීක්‍ෂකවරයා සිය පරීක්‍ෂණ කටයුතුවලින් පසු එම හෙරොයින් තොග අධිකරණය වෙත භාරදෙන බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් අධිකරණය වෙත භාරදෙනු ලබන අතර පසුව ඒවා අධිකරණය භාරයේ තබා ගනු ලැබේ.

මෙම හෙරොයින් තොගවලට අදාළ නඩුව විභාග කිරීමෙන් පසු ඒවා විනාශ කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරයි. ඒ අනුව එම කටයුතු සංවිධානය කරන්නේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේය.

හෙරොයින් තොග විනාශ කිරීම ප්‍රසිද්ධියේ සිදුකරන අතර ඒ සඳහා ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂවරයා හෝ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීයෙක්‌ අධිකරණ රෙජිස්‌ටාර්වරයා සමග මාධ්‍යවේදීන් ද කැඳවනු ලැබේ. රජයේ රස පරීක්‌ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් තවත් නිලධාරී පිරිසක්‌ද ඊට සම්බන්ධ වෙති.

හෙරොයින් තොගය විනාශ කිරීමට පෙර අවසන් වරට රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒවා පරීක්‍ෂා කරති. එසේ කරනු ලබන්නේ මෙසේ විනාශ කරනු ලබන්නේ නියත වශයෙන්ම මත් කුඩුද, එසේත් නැත්නම් මත්කුඩු හා සමාන වෙනත් කුඩු වර්ගයක්‌දැයි නිසැකවම දැන ගැනීම සඳහාය.

පසුව එම හෙරොයින් තොගය ජලයේ දියකර අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වළට දමා විනාශ කරන බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂවරයා පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් විනාශ කිරීම සඳහා ක්‍රම කීපයක්‌ අත්හදා බැලීමට සැලසුම් කළද ඒවා සියල්ල ව්‍යර්ථ වූ බව මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂවරයා පවසයි. ඒ පිළිබඳව ඔහු මෙසේ කීවේය.

මෙම හෙරොයින් තොග ප්‍රසිද්ධියේම ගඟක පාකර හැරීමට අපි සැලසුම් කළා. ඒත් පරිසර හානියක්‌ වෙයි කියලා ඒ ක්‍රමය ක්‍රියාත්මක කළේ නැහැ. හෙරොයින් ගිනි තබා විනාශ කරන්න උත්සාහ කළා. එහෙත් ගිනි තැබීමේදී හෙරොයින් දුම මිනිසුන්ට ආඝ්‍රාණය වීම නිසා සාමාන්‍ය ජනතාවට අපහසුතාවක්‌ වන නිසා ඒ ක්‍රමයත් ක්‍රියාත්මක කළේ නැහැ. ඊට පසුව හෙරොයින් තොග වළ දැමීමට සැලසුම් කළත් ඒවා නැවත ගොඩ ගැනීමට ඉඩ ඇති නිසා එයද ක්‍රියාත්මක කළේ නැහැ. මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම ක්‍රම සියල්ල ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා හෙරොයින් තොග ජලයේ දිය කර ප්‍රසිද්ධියේම අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වළට දැමීම කරන බව පොලිසිය පවසයි.

(දිවයින- EXCLUSIVE)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us