ගුණරත්නම් ගැන ඕස්ට්‍රෙලියාවත් නිහඬයි

Published in පුවත්
Friday, 20 February 2015 17:02
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එරට පුරවැසිබාවය හිමි නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම්ට මෙරට දේශපාලන කටයුතු කිරීමට එරෙහිව පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටී. කෙසේ නමුත් පසුගිය වතාවේදී ගුණරත්නම් ආගමන විගමන නීති කඩ කිරීම සම්බන්ධ චෝදනා මත යැයි කියමින් අත් අඩංගුවට  ගත් අවස්ථාවේදී ඕස්ට්‍රෙලියානු රජය ඊට ඉතා තියුණු මැදිහත්වීමක් සිදු කරන ලදී.
 ජනතා විමුක්ති පෙරමුණින් ඛණ්ඩනය වූ පිරිසක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම සභිකයෙකු වන නොයෙල් මුදලිගේ අංක  N 1016123 නම් ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බල පත්‍රයක් හිමි අයෙකි. 
 
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පෞද්ගලිකත්වය සම්බන්ධ කාරණාවක්  හේතුවෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ මෙවැනි වාතාවරණයන් සඳහා කරුණු දැක්වීමක් නොකරන බවයි. 
 
 
'අයිලන්ඩ්' පුවත් පත නොයෙල් මුදලිගේ මෙරට පුරවැසිබවය වෙනුවෙන් කරන සටන සඳහා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සහය දක්වන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සහ පසුගිය රජය සමයේ මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව නොයෙල් මුදලිගේ මහකොමසාරිස් කාර්යාලය සමඟ ගණුදෙණු කලේද යන්න විමසූ අවස්ථාවේ මේ අදහස පල විය. 
 
 පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ 2012 දී කුමාර් ගුනරත්නම්ව රටින් පිටුවහල් කළා  සේම වත්මන් ආරක්ෂක ලේකම් බී එම් යූ ඩී බස්නායකද ඔහුට විරුද්ධව ආගමන විගමන නීති ක්‍රියාත්මක කරමින් සිටින බවයි. 
 
මේ අතර දේශපාලන විචාරකයන් ප්‍රකශ කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ එහි හවුල් කරුවන්   මීට එහා ගිය ව්‍යවස්ථාමය විසඳුමක්  මෙරට පුරවැසි බාවය අහිමිකරගත් සහ ද්විත්ව පුර්වසිබාවය හිමි ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අයිතිය වෙනුවෙන් හඳුන්වා දිය යුතු බවයි. ඔවුන් වැඩිදුරත් සඳහන් කරන්නේ මෙය ජාතික විධායක සභාව තුල සාකච්චා කොට අදාළ මුලික කරුණු තීරණය කල යුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us