සිරස - 'සි'යළු 'ර'ජයන් 'ස'මඟින්

Published in පුවත්
Tuesday, 03 February 2015 10:21

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා පත් කර ඇත.

ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ පටන් පසුගිය සෑම ආණ්ඩුවක් සමගම සහයෝගයෙන් සිය ව්‍යාපාර කටයුතු සිදු කළ මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති කිලී මහරාජා මහතාගේ මැදිහත්වීම මත මෙම පත් කිරීම සිදුව ඇතැයි පැවසේ.

ඔහුට සිය සම්බන්ධතා සෘජුව පවත්වාගැනීමට නොහැකි වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමග පමණි. එහෙත් පසුගිය පළාත් සභා මැතිවරණයේදීද හෙතෙම තම ආයතනයේ සේවකයන්වූ සුසාර දිනාල් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හරහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද, රනිල් වික්‍රමසිංහ හරහා එස්.එම්. මරික්කාර් එජාපයෙන්ද , සරත් ෆොන්සේකා හරහා සුසිල් කිදෙල්පිටිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්ද ඉදිරිපත්කොට ජයග්‍රහනය කරවූයේ බලයට පත්වන ඕනෑම කණ්ඩායමක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙනි.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සෘජුව සිය නියෝජිතයකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්කිරීමට නොහැකි වූ නමුත් සිරස ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වූ ධර්මශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා පොදු අපේක්ෂකයාගේ සම්බන්ධීකාරකවරයෙක් ලෙස පත් කිරීමට හැකියාව ලැබිණි.

ඒ අනුව ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මාධ්‍යවේදී ධර්මශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා පත් කිරීමේ මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාගේ මෙහෙයුම සාර්ථක වූ අතර ඒ හරහා වත්මන් පාලනයේ මෙහෙයුමද තමන් සතු කරගැනීමට ඔහු සමත්ව ඇත.

සිරස මාධ්‍යජාලයේ දීර්ඝ කාලයක් සේවය කළ ධර්මශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා සිරස රූපවාහිනියේ නිව්ස් ෆස්ට් අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම සිරස වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

- nowshowing

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us