ඒ, අරලියගහ මන්දිරය ඉදිරිපිට ඉදිවන තට්ටු 47 කින් යුත් ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල හා ඉඩම සෙලින්කෝ සමාගමෙන්, සිනෝ ලංකා සමාගමට පැවරීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සොයා බලන ලෙස ඉල්ලමිනි.
මාධ්‍යවේදීන් සමග කොල්ලුපිටිය සෙනෝ ලංකා හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා එහි සේවකයින් සමග කතා බහක ද නිරත වූයේය.
හර්ෂ ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම හමුවේ සිය පැමිණිල්ල ඉදිරිපත් කළේ ඉන් අනතුරුවය.
එහිදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොමිෂන් සභාවේ පවතින අඩුපාඩු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම්දී තිබුණි.