ජවිපෙ මහමැතිවරණයට තනියම. බුලතයි අතයි දෙකමත් එන ලකුණු

Published in පුවත්
Saturday, 24 January 2015 08:37

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවී සීනුව ලකුණෙන් තනිව තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

රටට අවශ්‍ය වෙනස් වීම් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට එක් නොවුණද ජාතික විධායක සභාව හරහා ජනතාවට අවශ්‍ය කරුණු ඉෂ්ට කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මාර්ගය සකසා ගත් බවද එහි දේශපාලන සභික ලාල් කාන්ත මහතා කියයි.

යහපත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට නම් දැනට පාර්ලිමේන්තුවේ සිටින පුටු 225 ශුද්ධ කළ යුතු බව පැවැසූ ඒ මහතා එය ජනතාවගේද ඉදිරි අභිලාෂය විය යුතු යැයි අවධාරණය කරයි.

දැනට බලයේ සිටින ඇමැතිවරුන් සහ මන්ත්‍රිවරුන් දූෂණ වංචාවලට හවුල්වී තිබේ නම් ඊට එරෙහිව වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පියවර ගනීද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙන හෙයින් එළැඹෙන මහමැතිවරණයට ජ.වි.පෙ. තනිව ඉදිරිපත් වීමට තීරණය කළ බවද ඒ මහතා පවසයි.


මේ අතර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හංසයා ලකුණ යටතේම මෙවරත් තරග කළ යුතු යැයි එ.ජා.ප. මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හා සුළු පක්‍ෂ කිහිපයක් එ.ජා.ප. නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇති නමුත් එම පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් හා මන්ත්‍රිවරුන් රැසක් අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර එ.ජා.ප. නායකත්වය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු ලකුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයට පත්වීමත් සමඟ එම පක්‍ෂයේ බහුතර මන්ත්‍රිවරුන්ගේ අදහස වී ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගතව සිටි ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා ලංකා සම සමාජ පක්‍ෂය හා උදය ගම්මන්පිල මහතාගේ නායකත්වය යටතේ පිහිටුවා ගත් පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ තීරණය වී ඇත්තේ මහ මැතිවරණයට බුලත් කොළය ලකුණින් ඉදිරිපත් විය යුතු බවයි.

 

- මව්බිම ඇසුරෙණි

Last modified on Saturday, 24 January 2015 08:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us