සන්ධානයේ ඉතුරු ටිකත් සීසී කඩ

Published in පුවත්
Tuesday, 20 January 2015 08:36

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ හතක් විපක්ෂ නායකවරයා වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා නොපිළිගන්නා බව එම පක්ෂ නායකයෝ කතානායක චමල් රාජපක්ෂ මහතාට ඊයේ (19දා) දැනුම් දුන් බව, මහජන එක්සත් පෙරමුණේ නායක ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


විපක්ෂයේ සිටින පක්ෂ නායකයන් වශයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ පිළිගැනීමක් තම කණ්ඩායමේ එක් එක් අයට ලබාදෙන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ගුණවර්ධන මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භවීමට පෙර, මෙසේ කතානායකවරයා හමුවී ඇත්තේ
දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, ඒ.එල්.එම්. අතාවුල්ලා, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද යන පක්ෂ නායකයන්ය.


අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත්, ජනාධිපතිවරයා විසින් පත්කරන බවත් මෙය ලෝකයේ කොහේවත් නොමැති විලම්බීත අලුත් ආණ්ඩුක්‍රමයක් බව වාසුදේව නානායක්කාර මහතා කතානායකවරයා හමුවේ පැවැසූ බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු ඇමැති ඩග්ලස් දේවානන්ද මන්ත්‍රිවරයාට ලබාදී තිබුණු ආරක්ෂාව ඉවත් කර ඇතැයිද, ඒ මහතාට මෙතෙක් කල් හැම රජයක්ම විශේෂ ආරක්ෂාවක් ලබා දිය යුතු පුද්ගලයකු ලෙස සලකන ආරක්ෂාව ලබා දී ඇති බැවින් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට තමා මැදිහත් වන බව කතානායක චමල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.


mawbima

Last modified on Tuesday, 20 January 2015 09:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us