විදේශ අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මංගල සමරවීර මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර ඔහු ඊයේ(18) දිනයේදී නවදිල්ලි නුවරට ළඟා වුණි.
ඊයේ පෙරවරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය මුණගැසුණු මංගල සමරවීර මහතා රටේ දේශපාලන තත්ත්වය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව විදේශ අමාත්‍යවරිය දැනුවත් කර ඇත.
මංගල සමරවීර මහතා අද(19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.