මහින්ද බාලසුරියත් රටින් යයි

Published in පුවත්
Sunday, 18 January 2015 14:21


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද පිටත්ව ගියේය.

රොටානා ගුවන් සේවයට ආර්.ජී 402 දරණ ගුවන් යානයෙන් අද උදෑසන ඔහු පිටත්ව ගොස් ඇත.

ඔහු ප්‍රභූ පර්යන්තයෙන් නොපැමිණ සාමාන්‍ය ගුවන් මගීන්ගේ පර්යන්තය හරහා පැමිණ ගුවන් ගත වී ඇත.

පසුගිය ඔක්තෝබර් 20 වෙනිදා අබුඩාබි සිට දිවයිනට පැමිණි මහින්ද බාලසුරිය මහතා ඔක්තොබර් 21 වෙනිදා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වශයෙන් වැඩ භාර ගත්තේය. මෙම පත්වීම හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරණයට වාසි දායක ලෙස පොලීසිය මෙහෙයවා ගැනීම වෙනුවෙනි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේ දී පිහිටුවීමෙන් පසු එහි ආරම්භක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතායි.

මහින්ද බාලසුරිය මහතා මෙරට පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටිය දී කටුනායක ප්‍රදේශයේ ඇතිවු ගැටුම්කාරී තත්ත්වයෙන් තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමෙන් පසු 2011 වසරේ දී පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වුණි.

පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us