කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පැමිණීම නිමිත්තෙන් 2015 ජනවාරී 14දා රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ බවයි.
ඒ අනූව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා පෞද්ගලික අංශයේ සියලු සේවකයින් සඳහා ද නිවාඩු ලබාදෙන ලෙස කම්කරු කොමසාරිස්වරයා පවසා ඇත.