මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් දීමට නියමිතය.
කොළඹ හත ටොරින්ටන් පෙදෙස නිදහස් චතුරස්ර භූමියේ දී දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ පොදු අපේක්ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය සඳහන් කරයි.
වික්රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති දිමු ජයරත්න ඇතුළු ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වී යයි.
මෛත්රීපාල සිරිසේන මහතා සිය ඇමැති මණ්ඩලය ද අද (09) පත්කිරීමට නියමිතය.