මහින්ද, ගියා නෙවෙයි පැන්නුවා !

Published in පුවත්
Friday, 09 January 2015 07:42

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තවදුරටත් බලයේ රඳී සිටිම සඳහා ගත් උත්සාහය වැලැක්වූයේ ආරකෂක මණ්ඩලය හා රජයේ ජේෂ්ඨ ඇමැතිවරුන් විසින් බව හෙළිවේ,

අද පානදර 2ට පමණ ආරක්ෂක මණ්ඩලය කැඳවා තමන්ට තව වසර දෙකක ධුරයේ සිටීම සඳහා ව්‍යවස්ථමය බලය තිබෙන බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. එහෙත් එහිදී ආරක්ෂක මණ්ඩලය පවසා ඇත්තේ ජනතා මතයට තමන් හිස නමන බවත් රාජපක්ෂ ධුරය අත් හැරිය යුතු බවත්ය. ඉන් පසුව පාන්දර 2.30 ට ඇමැති මණ්ඩලයේ ජේෂ්ඨයන් කැඳවා කල සාකච්ඡාවේදීද එම අදහස ඉදිරි පත් කළ නමුදු ඇමැති වරු සියළු දෙනාම ඊට එරෙහි විය. යම් හෙයකින් බලය රඳා ගැනීමට රාජපක්ෂ කටයුතු කළ හොත් තමන්ද විපක්ෂයට එක්වන බව අවධාරනය කර ඇත.

මේ නිසා අරාජපක්ෂ පවුල බර පතල අර්බුදයකට ලක්ව තිබේ. ඉන් පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා සාමකාමී ලෙස බලය අත් හැරීමට තමන් කැමැති බව දන්වා . අරලියගහ මන්දිරයෙන් පිටත් වීමට තීරනය කර තිබේ.

කෙසේ නමුත් රාජපක්ෂලා මාන බැලුවේ තව දුරටත් බලයේ රඳී සිටීමටය. එහෙත් එහි විපක්ෂයේ අවසන් මෙහෙයුම ලෙස රාජපක්ෂට තව දුර්ටත් බලයේ ‍රැඳී සිටිමට තිබු අවසන් අවස්ථාවද අහිමි කරනු ලැබීය.

Last modified on Friday, 09 January 2015 07:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us