වීදියේ විරෝධයට පොලීසියේ විරෝධය

Published in පුවත්
Saturday, 03 January 2015 14:35

අද උදැසන හලාවත නගරයේ පැවැත්වෙමින් තිබු වීදියේ විරෝධය වැඩසටහනට හලාවත පොලීසියේ විරෝධය එල්ල වී තිබේ සමූහ ගායනා හා මහජනයා සමඟ අදහස් හුවමාරු කර ගැනීම හ පත්‍රිකා බේදීම ආදී වැඩ සටහන් කිහිපයක් මෙහිදී පැවැත්වෙමින් තිබියදී පොලීසිය පැමිණ 'මෙගා ෆෝන් "පාවිච්චිය නතර කල යුතු බව දන්වා තිබේ. එම නියෝගය අනුව පසුව එම වැඩ සටහන කරගෙන යන අතරතුර පැමිණ පත්තර අලෙවි කිරීම හා පත්‍රිකා බේදීමද නතර කළ යුතු බව දන්වා ඇති අතර ජනයා නොගැවසෙන ප්‍රදෙශයකට ගොස් ගීත ගැයීම පමනක් සිදු කිරීමට පොලීසිය අවසර දි තිබේ.

පසුව ඒ උණුසුම් තත්වයක් ඇති විය. කෙසේ නමුත් අවසානයේ පොලීසියේ නියෝග ප්‍රකාරව එම වැඩ සටන පැවැත්වුණු බව වාර්තාවේ. වීදියේ විරෝධය කණ්ඩායමේ ප්‍රකාශකයකු පැවැසූවේ අපි මහජනයා අතරට ආවේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ගැන සංවාදයකට බවත් එහිදී පොලීසිය අපට අවසර නොදෙනවා නම් යුක්තිගරුක සාමකාමී පුරවැසියන් ලෙස අපගේ ලැබුණු අවසරය ප්‍රකාරව කරගෙන යන බවත්ය.


එම කණ්ඩායමේ ප්‍රකාශයකින් පැවැසුනේ,

සිවිල් හා බහුජන සංවිධාන 112 එක්ව සැකසූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ යෝජනා පිළිබදව මහජනයා දැනුවත් කිරීමත්, ඔවුන් ධෛර්ය සම්පන්න කිරීමත් සදහා පසුගිය නොවැම්බර් 25 වන දින ආරම්භ කළ වියරුවට එරෙහිව වීදියේ විරෝධය ඉතා සාර්ථකව දිස්ති‍්‍රක්ක ගණනාවක පැවැත්වීමට හැකි වූ බවය.

'එප්පාවල හා හම්බන්තොට දී ආණ්ඩුවේ මැර දේශපාලණඥයන් වියරුවෙන් ජයතිලක බණ්ඩාර ඇතුලූ අප සංවිධායකයින්ට පහරදී තුවාල සිදුකර මරණීය තර්ජනයන් කරනු ලැබුවත්, අපව නැවැත්වීමට එම මැරයන්ට හැකි නොවූ අතර, ඉන් මෙම ව්‍යාපාරයට නව පන්නරයක් ලබා ගැනීමට හැකි විය.

වීදියේ විරෝධයේ අවසාන වැඩසටහන් අද හලාවත හා මීගමුව නගරයේ දී පැවැත් වෙන අතර ජනවාරි 05 කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී පැවැත්වෙන සිවිල් සාමාජ නියෝජිත සමුලූවෙන් පසුව එදිනම සවස 3 කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී විදියේ විරෝධය අවසාන වැඩසටහන පැවැත් වේ.'

1

3

2

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us