ජනාධිපතිවරණයට අදාළව තමන් ඇතුලූ විපක්ෂයේ පක්ෂවලට ජන හමු පැවැත්වීමට ආණ්ඩුව ස්ථාන ලබා නොදීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (30) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.එය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ විසින් භාරදෙන ලදී.
එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මුදල් වියදම් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේකෂකයාගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට එරෙහිව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය විසින්ද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එය භාරදුන්නේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ විසිනි.