ත්‍රීරෝද රථ රියදුරෝ මහින්දගේ පාරට හැරෙති

Published in පුවත්
Tuesday, 30 December 2014 12:54

ත්‍රීරෝද රථ කර්මාන්තයේ නිරත වන ලක්ෂ 3කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය සිය සහාය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන බව ඊයේ(29) නිවේදනය කළේය.

ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සම්මේලනයේ සභාපති කේ.ඩී අල්විස් මහතා කියා සිටියේ පොදු අපේක්ෂක සිරිසේන මහතා නූල් බෝලයේ පැටලුණ පූස් පැටියෙක් බවට අද පත්වි ඇති බවය. ජාතික හෙළ උරුමයෙන් කොළඹ නගර සභාවට තරඟ කල එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා ප්‍රකාශ කළේ චම්පික රණවක මහතාගේ උසේ හැටියට මොලේ නැති බවය.

ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංඛ්‍යාව 512,000ක් වන අතර අමතර කොටස් සහ සේවා සපයන්නන්ගේ සංඛ්‍යාව 92,096ක්ද ත්‍රීරෝද රථයන්ට අනිකුත් සේවා සපයන සේවක සංඛ්‍යාව 3,690කි. ත්‍රීරෝද රථ කර්මාන්තයේ සෘජු රැකියා නියුක්ත පිරිස 595,706ක් බව එහිදී පෙන්වා දුන් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ඩබ්ලිව් සේනාරත්න මහතා පවසා සිටියේ ත්‍රීරෝද රථ කර්මාන්තයෙන් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 25කට ආසන්න බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us