මෙදාපාර, හොර ඡන්ද බෑ, පෙට්ටි මාරු බෑ, කොම්පියුටර් ජිල්මාට් බෑ

Published in පුවත්
Monday, 29 December 2014 11:58

මෙවර ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට කිසිදු හොර ඡන්දයක් දැමීමට , ඡන්ද පෙට්ටි මාරු කිරීමට, කොම්පියුටර් ජිල්මාට් කිරීමට හෝ මැරකම්, ප්‍රචණ්ඩ ක්‍රියාකොට ප්‍රතිඵලය වෙනස් කිරීමට හෝ කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බවත් එජාපයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු පැවැසීය.

විශේෂයෙන්ම ඡන්ද පොළ හා ඡන්ද ගනන කරන මධ්‍යස්ථාන නියෝජිතයන් හා ඔවුන් සමඟ කටයුතු කරන විශේෂ කණ්ඩායමක් ඡන්ද පොළ ආරක්ෂා කිරීමට යොදවා ඇති බවත් ඊට අමතරව මීට පෙර කිසිදු මැතිවරණයකදී යොදා නොගත් විශේෂ තාක්ෂණික උපක්‍රම කිහිපයක් මෙවර ඡන්ද පෙට්ටි මාරු කිරීම වලක්වා ගැනීම සඳහා යොදාගෙන ඇති බවත් ඔහු පැවැසීය.

එමෙන්ම මෙවර අවසන් ප්‍රතිඵළය නිකුත් කිරීමේ පරිඝණක කටයුතු සිදු කිරීම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ඒ තමන් යටතට ගැනිමට මැතිවරණ කොමසාරිස්වරයා තීන්දු කිරීම නිසා වෙනදා කළ පරිඝණක අකටයුතුකම් මෙවර සිදු කිරීමට නොහැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එම නිසා ඡන්දදායකයන් 'රාජපක්ෂවරු කොහොම හරි දිනනවා' යන මානසිකත්වයෙන් යුතුව සිටීම තේරුමක් නැති බවත් තමන්ගේ පරම අයිතිය ආරක්ෂා කරගෙන 08 වෙනිදාට උදයෙන්ම ගොස් ඒ අයිතිය රටේ යහපත පිණිස යොදා ගන්නා ලෙසද ඔහු සියළු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us