ජනාධිතිවරණය කල් නොදමන්නැයි මැකෝට බලපෑම්

Published in පුවත්
Monday, 29 December 2014 11:13
ජනවාරී 08 වන දිනට පැවැත්වීමට නියමිත  ජනාධිතිවරණය කල් නොදමන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාට රෙජීමයෙන් බලපෑම් එල්ලවී ඇති බව මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මිනිසුන් පීඩාවට  පත්ව ඇති බැවින් ජනවාරි 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දමන්නැයි දේශපාලන පක්ෂ කිහිපයක් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබුණි.
 
මැතිවරණය කල්දමනවාද නැද්ද පිළිබඳ ජනවාරි 04 වැනිදා නිවේදනය කරන බවට පසුගියදා අදහස් පළවී තිබුණද එය ලබන ජනවාරි 08 වැනිදා නියමිත පරිදි  පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.
 
කෙසේ වෙතත් මැතිවරණ කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ් මැතිවරණය එළැඹෙන 08 වැනිදාම පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් එල්ල වී ඇති බවයි.
 
එමෙන්ම ජනවාරි 08 වන දිනය ජනාධිපතිවරණය සඳහා යොදා ගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ කේන්දරය අනුව ඉදිරි වසර දෙක තුළ වන එකම  සුභ දිනය ජනවාරි 08 වෙනි දිනට යේදී තිබීමෙන් බවට මාධ්‍ය වාර්තා පලවී තිබිණි.
 
 
 
Last modified on Monday, 29 December 2014 11:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us