TNA වගකිම් මගහැරියා-මම ඒ වගකීම් ඉටු කරනවා

Published in පුවත්
Monday, 29 December 2014 09:00

 

මහජන ඡන්දයෙන් උතුරු පළාත් සභාවේ බලය ලබාගත් දෙමළ ජාතික සන්ධානය ඒ සදහා තමන්ට ඡන්දය දුන් ජනතාව දැන් අමතක කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. කෙසේවෙතත් තමන් රටේ සෙසු ප‍්‍රදේශවල ජනතාවට මෙන්ම උතුරේ ජනතාවටද ගෞරවයෙන් සලකන බව ඊයේ (28)පැවති ජනරැළියකදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
මම ගියා කිලිනොච්චියට ගිය අවස්ථාවේ  ඒ ප‍්‍රදේශයේ ජනතාව මාව හමු වෙලා කියනවා.අපි ටී.එන්.ඒ. එකට ඡන්දේ දුන්නා. හැබැයි ජනාධිපතිතුමනි අපිට කිසි වැඩක් කරන්නේ නැහැ. දැන් අපිට සලකන්නේ නැහැ කියලා. ඒක නිසා දැන් ඔබතුමා අපි ගැන බලන්න කිව්වා.මම තොණ්ඩමන් ඇමැතිතුමාට කිව්වා මෙහේ විතරක් නෙවෙයි වවුනියාවේ ඉන්න කිලිනොච්චියේ ඉන්න මුලතිව්වල ඉන්න ජනතාව ගැනත් සොයා බලන්න කියලා ඔහුට වගකීමක් දුන්නා යනුවෙන් පැවසුවේය. 
 
තමන් සමග තරග කිරීමට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතා පිළිබදවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා.
 
'තරග කරන්න කවුරුවත් සොයා ගන්න බැරිව අන්තිමට අපේ පැත්තේ හිටිය මුනාසික් කෙනෙක් තමයි ඒ පැත්තට ගිහිල්ලා දාගත්තේ. එයා මාත් එක්ක ආප්ප කාලා එකොළහ හමාරට,උදේ ආප්පේ දිරවන්නත් කලින් ගිහිල්ලා. ඉතින් එයා තමයි අනිත් පැත්තෙන් ඉල්ලන්නේ. අපි ආණ්ඩුවෙන් හොඳ වුණත් නරක වුණත් අපි ඔක්කොම වගකියන්න  ඕන.මෙයා දැන් හිටපු ගමන් පැනලා ගිහින් සුදනා වෙන්න හදනවා. දැන් අපි විතරයි වැරදි කරලා තියෙන්නේ.එයා හොඳයි.එයා කරපු වැරදිත් අපි කරපු වැරදිත්. එදා කරපු වැරදිවලටත් බැනුම් අහන්නේ අපි තමයි.දැන් ඒක තමයි වෙලා තියෙන්නේ.'
 

 

Last modified on Monday, 29 December 2014 10:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us