මැතිවරණ දිනය ආසන්නවෙත්ම අසූවත් සියයත් අතර වූ ජාත්‍යන්තර නිරීක්ෂකයින් ප්‍රමාණයක් නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙනු ඇති බවට මැතිවරණ දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
දකුණු ආසියානු මැතිවරණ බලධාරින්ගේ සංසදය, ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානය මීට අයත්ය. මීට අමතරව දේශිය වශයෙන් ක්‍රියාත්මක මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල මව් සංවිධාන කිහිපයක්ද මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව අැත.