සන්ධානයේ ඡන්ද වැඩට සිරකරුවන් ! Featured

Published in පුවත්
Monday, 15 December 2014 10:04

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා, ලංකාවේ පළමු වරට බන්ධානාගාර සිරකරුවන් යොදා ගෙන ඇතැයි කැෆේ සංවිධානය චෝදනා කරයි.

කැෆේ සංවිධානය වාර්තා කර ඇති පරිදි, අකුරැස්ස පරණ බස්නැවතුම්පොළේ පැවැත්වීමට සූදානම් කළ සන්ධානයේ ප්‍රචාරක රැලියේ වැඩ කටයුතු සඳහා බන්ධානාගාරයේ සිට රැගෙන ආ සිරකරුවන් යොදවා තිබූ අතර එම සිරකරුවන්ට ජම්පරය වෙනුවට නිල් පැහැ ඇඳුම් අන්දවා ශ්‍රී ලංකා කාරයන් සේ වෙස් ගන්වා තිබිණ. (මෙහි ඇති සේයාරූ බලන්න)

මෙය මැතිවරණ නීතිය මෙන්ම රටේ නීතියද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් කියා සිටියේ සිරකරුවන්ගේ දඬුවම් නියම කර ඇත්තේ අධිකරණය විසින් බවයි. ඒ අනුව බරපතල වැඩ ඇතිව සිර ගත කළ අයෙක් පවා වැඩ කළ යුත්තේ රජයට මිස දේශපාලන පක්ෂයකට නොවේ. එම වැඩ කිරීමට වේතනයක්ද සිරකරුවාට රජයෙන් ගෙවිය යුතුවා මිස දේශපාලන පක්ෂ වලින් ගෙවිය නොහැක. මෙය අධිකරණය කළ බරපතල අපහාසයක් ලෙසද සැලකිය යුතු යැයි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කීය.

වත්මන් බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යවරයා වන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාය. ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකි.

පැන්ෂන් ගිය සෙබළුන් අත් පත්‍රිකා බෙදීමට

මේ අතර සන්ධානයේ අත් පත්‍රිකා බෙදීම සඳහා විශ්‍රාම ගිිය හමුදා සාමාජිකයන් කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන තිබෙන බව 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පවසයි.

ආසන මට්ටමින් බඳවාගෙන ඇති මෙම පැන්ෂන් හමුදා සාමාජිකයෙකුට අත් පත්‍රිකා බෙදීම සඳහා මෙම කාලය තුල රුපියල් ලක්ෂයක් දීමට පොරොන්දු වී ඇති අතර ඉන් රුපියල් 50,000 ක් අත්තිකාරම් ලෙස ගෙවා තිබේ.


ආසනයට 200 ක් පමණ බඳවා ගෙන ඇති අතර ඔවුන් ආසන මට්ටමින් අලුතින් පිහිටුවා ඇති හමුදා කඳවුරු වලට වාර්තා කොට අදාල පත්‍රිකා ලබා ගත යුතු අතර බෙදිය යුතු ප්‍රදේශයද එම හමුදා කඳවුර විසින්ම නියම කරනු ඇත.

පසුගියදා දෙහිවල වැල්ලවත්ත ගාල්ල නාත්තන්ඩිය ආදී ප්‍රදේශ වල මෙම පැන්ෂන් හමුදා සාමාජිකයන් අත් පත්‍රිකා බෙදනු දක්නට ලැබිණ.

Prison1

prison2

prison4

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us