එම පක්ෂයේ නායක අමාත්‍ය රාවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්තරීතර මණ්ඩලය රැස්වනු ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකුට සහය පළ කරන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් තීරණය කර නොමැත.
කෙසේ වෙතත් අද රැස්වෙන එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය හරහා ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය සහය ලබා දෙන්නේ කාටදැයි තීරණය කෙරෙන බව සඳහන්ය.
අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිත පිරිසක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාද පවත්වනු ලැබුවේය.