නීති විරෝධී ප‍්‍රවර්ධන කටයුතු එපා

Published in පුවත්
Monday, 08 December 2014 10:42

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැදවීමේ දැන්වීම් ප‍්‍රකාශ කළ දින සිට එනම් 2014-11-21 වැනි දින සිට ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අවසන් වීමේ දිනය දක්වා වූ කාල සීමාව ජනාධිපතිවරණ කාල සීමාව ලෙස අර්ථ දක්වනු ලැබේ.

අර්ථ දක්වනු ලබන බවත් මෙම කාල සීමාව තුළදී රාජ්‍ය දේපළ හා රජයේ නිලධාරීන්, සේවකයින්, ගුරුවරුන් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ප‍්‍රවර්ධන කටයුතු සදහා හෝ අගතියට පත් කිරීමට හෝ යොදවා ගැනීම නැතහොත් යෙදවීම නීති විරෝධී වේ. එය නීති විරෝධී පමණක් නොව සදාචාර විරෝධීද වේ. එබැවින් එවැනි ක‍්‍රියා වැළැක්වීම සදහා මෙම උපදෙස් නිකුත් කරනු ලැබේ.

එම උපදෙස් නොසලකා කිසියම් අවස්ථාවකදී අපේක්ෂකයා ප‍්‍රවර්ධනය කිරීමක් හෝ යම් අගතියට පත් කිරීමක් සිදුවුවහොත් අගතියට පත් වන පාර්ශ්වය විසින් නීතියේ සහය පතා මැතිවරණ කොමසාරිස්වරයා ලෙස මා ද පාර්ශ්ව කරුවෙකු කිරීමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදී අධිකරණය වෙත හෝ වෙනත් ආයතන වෙත මෙවැනි ක‍්‍රියා වැළැක්වීම වත් මා විසින් ගන්නා ලද ක‍්‍රියා මාර්ග හා දෙන ලස උපදෙස් ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත.

එහෙයින් එවැනි අවස්ථාවන්ට ඉඩ කඩ සලකා දුන් නැතහොත් සකසා දුන් රජයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වගකීමට සිදු වන බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us