සත්‍යය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න වුනත් සූදානම්

Published in පුවත්
Wednesday, 03 December 2014 10:58

ජනවාරී 08 වන දින තමා ජනාධිපතිවරයා ලෙස මෙරට ජනතාව විසින් පත් කරනු ලැබීමෙන් පසුව පොරොන්දු වූ පරිදී දින සියය තුල එම ධුරයේ විධායක බලතල අහෝසි කරන තෙක් ජනාධිපති මන්දිරයට නොයන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ “උගුලෙන් ගැලවෙමු“ පවුල්වාදය, ඒකාධිපතිත්වය, ගජමිතුරු ආර්ථිකය, අවනීතිය, දුෂණය, මිලිටරිකරණය සහ පාදඩකරණයෙන් රට මුදා ගනිමු“ තේමාව යටතේ කොළඹ ඊයේ (02) හයිඩ් පාර්ක් පිටියේ දී පැවැති පුරවැසි බලය විසින් සංවිධානය කළ රැස්වීම අමතමිනි.

ආණ්ඩුවෙන් එළියට පැමිණියේ බියෙන් සහ සත්‍යයට හොරෙන් ජීවත් වනවාට වඩා නිදහස හා ප්‍රඡාතන්ත්‍රවාදයේ සත්‍ය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම තම අරමුණ බවද ඔහු පවසා සිටී.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ වසර 2011 මහබැංකු ශ්‍රවනාගාරයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝජන රැස්වීමක් තිබුණු බවත් එහිදී මහා මාර්ග තැනීම මාර්ග ඉදිකිරීමේදී දූෂණ වංචා සිදුවන බවට ජනතාවගෙන් චෝදනා එල්ල වන බවය.

පසුවදා උදේම තමන්ට අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙස පණිවුඩයක් ලැබුණු බවද තමන් අරලිය ගහ මණ්දිරයට යද්දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී බී ජයසුන්දර මහතාත් එහිදී සිට බවත් ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ව සිටියදී දූෂණ වංචා ගැන ඔයාට කතා කරන්න අයිතියක් නෑ. ඔයා.. එවා විපක්ෂය කතා කරයි කියලා..ආණ්ඩුවේ ඉන්නව නම් ඒ විදිහට ඉන්න දැන ගන්න කිව්වා ... එලෙස තමන්ගේ කටවල් වසා තැබූ බවද . අදහස් දක්වමින් මෛත්‍රීපල සිරිසේන මහතා පවසා සිටියේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/maithrepala-sirisena{/soundcloud}

Last modified on Wednesday, 03 December 2014 11:12

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us