මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළොත් නඩු

Published in පුවත්
Thursday, 27 November 2014 09:56
මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් මෙතෙක් කි‍්‍රයාත්මක නොවූ ආකාරයේ මැදිහත්වීමක් දැක්වීමට මැතිවරණ නිරීක්ෂකයින් සූදානම් වේ. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ලේඛණගත කිරීම හෝ වාර්තා කිරීම වැනි තත්ත්වයන්ගෙන් ඉදිරියට ගොස් එම තත්ත්වයන්ට එරෙහිව  නඩු පැවරීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය තීරණය කර ඇත. 
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය සහ නිරීක්ෂණ සංවිධාන අතර ඊයේ මේ සම්බන්ධව  සාකච්ඡාවක් පැවත්වුණි.එහිදී මෙම තීරණයට එළඹුණේ ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ඊට නීති ආධාර සපයන බවට පොරොන්දුවීමත් සමගය. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති රැසක නියෝජිතයින් ද මෙම සාකච්ඡුාවට සහභාගී වී සිටියේය.
 
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළද නාම යෝජනා ලබා දීමටත් පෙර මාධ්‍ය වාරණය බරපතල ලෙස නිර්මාණය වෙමින් තිබෙන බවද කැෆේ සංවිධානය පැවසුවේය. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කරන්නේ  සාධාරණ ඡන්ද විමසීමක් සඳහා මෙය මහත් බාධකයක් වනු ඇති බවය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බව  කීර්ති තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කරයි. එම වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වී ඇත්තේ. මග්ගොන, මාදම්පේ, මාදම්පේ මැදගම සහ හාරිස්පත්තුව යන ප‍්‍රදේශවලින්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us