මහින්ද ගේ මැතිවරණ ව්‍යාපාරය තණ්හා, රති, රගා වගෙයි

Published in පුවත්
Tuesday, 25 November 2014 15:31
ජවිපෙ කිසිදු අපේක්ෂකයෙක් ගැන චරිත සහතික නොදෙන බවත්  එසේ කිරීම නිසා තම පක්ෂය පාඩම් ඉගෙන ඇතැයි අද (25) එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ  හෝටල් සේවක මධ්‍යස්ථානයේ දෙවන නි‍‍යෝජිත සමුළුව අමතමිනි.
විධායක ජනපති ක්‍රමය ‍අහෝසි කරන්නැයි චන්ද්‍රිකාටත් මහින්දටත් කළ ඉල්ලීම්වලට ඔවුන් ඇහුම්කන් නොදුන් බව ඔහු පෙන්වා දුන්නේය. 
 
මේවන විට මෙරට දේශපාලන තත්ත්වය සංකීර්ණ බවත්, හිටපු ජනපති ජේ.ආර් වත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් විධායක බලය අතට ගෙන කටයුතු නොකළ බව හෙතෙම පැවසුවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණගේ ප්‍රකාශ දේශපාලනික බවද මාධ්‍යයටත් ස්වාධීන කටයුතු කරගෙන යාමට හැකියාවක් නොමැති බවද හෙතෙම පෙන්වාදුන්නේය. 
 
මහින්ද රාජපක්ෂ 17 වැනි සංශෝධනයට පයින් ගැසූ බවද, මැතිවරණ කොමසාරිස්ට ස්වාධීන බවක් නැතැයිද ඔහු පැවසුවේය. 
 
අල්ලස් ‍එකේ ෆයිල් තියෙන බව කියමින් පනින්න සිටින අය බියවද්දන බවද, ජනපතිගේ මුහුණ දැන් ෆුල් අප්සට් යැයිද, එහි සංඥා බස්නාහිරින් හා දකුණින් පෙන්නුම් කළ බවද, ලාල්කාන්ත මහතා පැවසුවේය. 
 
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තණ්හා, රති, රගා වැනි බවද, කෙසේ වුවද සන්ධානයට වඩා පුළුල් මැතිවරණ ව්‍යාපාරයක් ජවිපෙ මෙවර ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය. 
 
මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න ලේකම්ට ස්වීප් ටිකට් එකක් ඇදී බවත්, එසේ නොවන්නට කවදා මෙම තනතුරු ගන්නදැයි ප්‍රශ්නයක් බවත්, ඔහු පැවසුවේය.

 

Last modified on Tuesday, 25 November 2014 15:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us