හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

Published in පුවත්
Tuesday, 25 November 2014 13:01
මහලේකම් ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව කීවද එය නීත්‍යනුකූලව සිදුකෙරී නොමැති බව හිටපු සෞඛ්‍ය ඇමැති හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කියා සිටියේ අද(25) හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අබියසට පැමිණ සිටි ජනතාව ආමන්ත්‍රණය කරමිනි. 
 
වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමා සමග එන බව කී මැති ඇමතිවරුන් කොහේදැයි ඇතැමුන් අසන නමුත් ඔවුන්ට කිව යුතුව ඇත්තේ ‘‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට“යයි පමණක් බවත්, සිදුවිය යුතු දේවල් නිසි වෙලාවට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
තමා දෙසැම්බර් මස 08 වන දින ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදෙන බවත්, දිවංගත ශ්‍රීමත් එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය වන ජනවාරි මස 08 වන දින පැවැත්වෙන මැතිවරණයෙන් ජය ලබා බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන බව සමාධිය ඉදිරියේ ප්‍රතිඥාදෙන බවත් කියා සිටියේය. 
 
තමා ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබාගනු ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයේ බවත්, ඒ වන විට තමා ඡන්ද බලය හෝ නොතිබුණු වයස අවුරුදු 17 ක තරුණයෙකු බවත්, පක්ෂ සාමාජිකයෙකු ලෙස තමාගේ අත්දැකීම් වසර 47 ක් තරම් දිගු බවත් හෙතෙම සඳහන් කළේය. 
 
ගෙවුණු කාලයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආදීන් ඇතුළු පක්ෂ විපක්ෂ සංවිධාන හා කණ්ඩායම් බොහොමයක් විසින් කරනු ලැබූ ආරාධනය පිළිගෙන තමන් පොදු අපේක්ෂකයා බවට පත්වූයේ රටේ ජාතික අවශ්‍යතාවක් ඉටුකිරීමට බව සිරිසේන මහතා පෙන්වාදුන්නේය. 
 
තමා එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට එකතු නොවන බවත්, පොදු සන්ධානයක් ලෙස ,පොදු අපේක්ෂකයා ලෙස පමණක් පෙනී සිටින බවත්, සන්ධානගත දේශපාලන ශ්‍රී ලංකාවේ ජනතාවට හෝ තමාට අලුත් දෙයක් නොවන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 
 
1970 දී සමගි පෙරමුණ බලයට පත්වීමේදීද, 94 දී පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වීමේද ඉතිහාසය පිරික්සීමේදී ඒ ඒ දේශපාලන පක්ෂ හා සංවිධාන තම අනන්‍යතාවන් තබාගෙන පොදු වැඩපිළිවෙලක කටයුතු කළ බව ඔහු සිහිපත් කළේය. 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us