ඊට ප්‍රතිචාර දැක්වූ ප්රජාතන්ත්රවාදී ජාතික සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ කිසි සැලැස්මකින් තොරව මෙවැනි සංචාරවලට සහභාගී කරවීමේ වගකීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ක්‍රීඩා අමාත්‍යවරයාට මිදිය නොහැකි බවය .
අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරන අවස්ථාවේදී යම් බාධා කිරීමක් ද සිදුවුණි .එහිදී මන්ත්‍රීවරයා මමත් පොඩ්ඩක් හරි ක්‍රිකට් ගහලා තිබෙනවා යනුවෙන් කළ ප්‍රකාශයට බොහෝදෙනෙකුගේ අවධානය යොමුවීම විශේෂත්වයකි.