තීන්දුව රටට හිතකරයි -ජාතික හෙළ උරුමය

Published in පුවත්
Tuesday, 18 November 2014 10:42

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වු ජාතික හෙළ උරුමයේ අවසන් නිල තීරණය අද පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පෙරවරුවේ කොළඹදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මෙය ප‍්‍රකාශයට පත් කරන බව ජාතික හෙළ උරුමය සදහන් කරයි. ජාතික හෙළ උරුමය සඳහන්නේ ඔවුන් විසින් පසුගියදා ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය යෝජනාවලිය සම්බන්ධව හිමිවු ප‍්‍රතිචාරයන් පිළිබඳව ඊයේ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹෙන බවය. එම සාකච්ඡුාව පැය 5 කට ආසන්න කාලයක් පැවැති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින මන්ත‍්‍රිවරයෙකු ලෙස තමන් කටයුතු කරන බව ජාතික හෙළ උරුමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ සඳහන් කළ අතර මෙතෙක් දැරු දිවුලපිටිය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන්ද ඉල්ලා අස්වු උන්වහන්සේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් තමන් වෙත ලබා දුන් නිල රථයද යලි භාර දීමටයි පියවර ගත්තේය.

ඊයේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී රටට හිතකර තීන්දුවක් ගත් බවත් එය අද දිනයේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවත් ජාතික හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us