ලංකාවේ බහුතරයක් ළමුන්ට අධ්‍යාපන අයිතිය අහිමියි-යුනිසෙෆ්

Published in පුවත්
Wednesday, 05 November 2014 13:09

ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ඉන් වැඩිම පිරිසක් අඩු ආදායම් ලාභී පවුල්වල ජීවත්වන දරුවන් බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

දරුවන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරීම සඳහා යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද නොවැදගත් ලෙස සලකන දරුවන් කොට්ඨාසයකට අධ්‍යාපනය හැදෑරිමේ අවස්ථාව අහිමි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ජීවත්වන දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමට ඔවුන් සතුව පවතින ආදායම, ප්‍රවාහන පහසුකම්, ස්වාභාවික විපත් ආදිය හේතුවී ඇති බවද එම සංවිධානය පෙන්වාදෙයි.

මේ අතර කිසිදු රටක පුරවැසිභාවය නොමැති පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය සාර්ථක වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු පුද්ගලයින්ට පුරවැසිභාවය ලබාදීම සඳහා රජය නිවැරදි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කර ඇති බවත් 1986 වසරේ සිට සිදුකළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හරහා ඉන්දීය සම්භවය සහිත දමිළ ජනතාව ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවට පත් කිරීමට කටයුතු කර ඇති ආකාරය සාර්ථක බව එම කාර්යාලය පෙන්වා දී තිබේ.


1800 වසරේ දී මෙරටට ගෙන්වු ඉන්දීය දමිළ ජාතිකයින් තේ වතු ආශ්‍රිත කටයුතු සඳහා යෙදවීමට සහ 1930 වසරේ දී මෙරටට ගෙන්වු චීන ජාතිකයින් කුඩා කණ්ඩායම් ලෙස පදිංචි කරවීමෙන් පසු පුරවැසිභාවය ලබා දීමට පියවර ගෙන ඇතැයි පැවසේ.

ඉදිරි දස වසර ඇතුළත ලොව සෑම පුද්ගලයෙකුටම පුරවැසිභාවය ලබාදීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබ තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම දේශපාලන අයිතිවාසිකම් පවා අහිමි වී ඇති එම පුද්ගලයින් වෙනුවෙන් සියලු රටවල සහයෝගයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us