රතන හිමිගේ යෝජනාවට කිතුනුවන්ගේ සහය

Published in පුවත්
Sunday, 26 October 2014 18:32

ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉදිපරිත් කර ඇති යෝජනාවලියට කතෝලික සංවිධානවලද  සහාය පලවේ.

මේ බව සඳහන් කරමින් කිතුහඬ සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

හෙළ උරුමයේ ‘පිවිතුරු හෙටක්’ යෝජනාවලියට කතෝලික සංවිධානවල සහාය පළකිරීමයි !

පූජ්‍ය අතුරුලියේ රතන ගරු ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ජාතික හෙල උරුමය විසින් ඉදිරිපත් කරන්නට යෙදුනු නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාවලිය පසුගිය සති කිහිපය පුරාම කතෝලික ගිහි සංවිධානයක් වන කිතුහඩ සංවිධානයත්, වෙනත් කතෝලික සංවිධාන කිහිපයක් හා කතෝලික පියවරුන් කිහිප නමක්ම  අධ්‍යයනය කළ අතර එ් සම්බන්ධයෙන් ප‍්‍රමුඛ කතෝලික ගිහි සංවිධානයක් වන ‘කිතු හඩ’ ප‍්‍රමුඛ අප කණ්ඩායමේ ස්ථාවරය මෙසේ දන්වා සිටින්නට කැමැත්තෙමු.

අප රටේ බොහෝ ආර්ථක, දේශපාලනික, ආධයාත්මීක, වාර්ගික, සංස්කෘතිමය හා සමාජීය ගැටළු රාශියකට හේතු වන්නේ අපේ රටේ ව්‍යවස්ථාව අද ක‍්‍රියාත්මක වෙන හා එය ක‍්‍රියාත්මක කරමින් සිටිනා ආකාරයයි. රට තුළ සැබෑ පොදු ජන මතයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, සංවාදශීලීබවත් ඇහිරී, කිහිපදෙනෙකුගේ අත්තනෝමතික හිතුවක්කාරය ක‍්‍රියාත්මක වී ඇති බව පෙනෙන්නට තිබේ. එනිසාම රට තුළ දුෂණය, වංචාව, නාස්තිය,

ගසාකෑම, බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම අසීමාන්තිකව පෙනෙන්නට තිබේ. මේ නිසාම මතුපිට සංවර්ධනය නම් හැඩවැඩකිරීමට යටින් දරුණු ආර්ථික  හා සමාජ කඩා වැටීමක්ද පෙනේනට තිබේ. මේ සියල්ලටම විසඳුම  වන්නේ මෙම ක‍්‍රමය, ආකෘතිය වෙනස් කිරීමයි. 

එය සිදු කළ හැක්කේ ව්‍යවස්ථාව වෙනස්කර ව්‍යවස්ථාවට මුවාවී මේ රට විනාශ කරමින් සිටින්නන් මර්දනය කළහොත් පමණි. එ් සඳහා  සැබෑ ලෙසම රටට හිතවාදී ලෙස පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුවේ. 


ගරු රතන ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ ජාතික හෙළ උරුමය ඉදිරිපත් කරන ලද ‘පිවිතුරු හෙටක්’ නම් යෝජනාවලිය තුළ රටට මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යව ඇති ව්‍යවස්ථාවේ පැහැදිලි හැඩය දක්නට ලැබේ. එම යෝජනාවලිය සත්‍යලෙසම දේශහිතෛෂි යෝජනාවලියකි.

එම යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී සමස්ථ යෝජනාවලිය තුළින් ඉතා සුවිශේෂ ලෙස මතුව පෙනෙන මෙරටට වර්ථමානයේ අත්‍යවශ්‍යව පවතින කරුණු රැසක්වේ. 


අපගේ දැඩි ප‍්‍රසාදයට ලක්වූ එවැනි කරුණු කිහිපයක් වන්නේ

විධායක ජනාධිපතිවරයාගේ බලතල අහෝසි කිරීම, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හැර වෙනත් අමාත්‍යංශවල අමාත්‍ය ධුර දැරීමෙන් ජනාධිපතිවරයා වැළකී සිටීම, 

කැබිනට් මණ්ඩලය විසිපස් දෙනකු (25) දක්වා අඩු කිරීමට තීන්දු කිරීම, ඇමැතිවරුන්ගේ විෂය පථය නිශ්චිත රාමුවක් තුළ පවත්වාගෙන යෑම,


අල්ලස් හා දුෂණ කොමිසම ක‍්‍රියාත්මක කිරීම,මැතිවරණ කොමිසම ක‍්‍රියාත්මක කිරීම, යහ පාලනයට අදාළ කොමිෂන් දේශපාලන ඇගිලි ගැසීමෙන් තොරව ස්වාධීනව පවත්වාගෙන යෑම,

පවතින මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කර මහජන මුදල් නාස්තිය අවම කරන මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම.

පත්වන ජනාධිපතිවරයා සිය තනතුර භාර ගැනීමෙන් අනතුරුව කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවී ස්වාධීනව කටයුතු කිරීම. 

     ජනාධිපතිවරණමහා මැතිවරණය යන දෙක එකවිටම පැවැත්වීම,
     එක් එක් ඇමතිවරයාගේ ක‍්‍රියාකිරීත්වය සහ වගකීම් ඇගයීමට වෙනම කමිටුවක් පත් කිරීම.
     අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම,
     ලේකම්වරු පත්කිරීමේ බලය අගමැතිවරයා සහ අදාල අමාත්‍යවරයාගේ එකගතාවය මත සිදුවීම මින් කිහිපයකි.

මෙම සංශෝධන ක‍්‍රියාත්මක කිරීමෙන් විනිවිදභාවය ඇතිවී රටතුළ සිදුවන මහා පරිමාන දුෂණ, අක‍්‍රමිකතා, මහජන මුදල් ගසා කෑම් වැනි දේ සීමාවේ. එවිට ආර්ථකය හා ජන ජීවිතය වඩා සෞභාග්‍යවත් වේ. අත්තනොමතික ලෙස බලය හැසිරවීම සීමා වී අන් මත වලට ගරුකිරීම ඇති වූ පසු සමාජයේ මේ වන විට සිදුවන වාර්ගික, ආගමික හා දේශපාලනික ගැටුම් අවම වේ. විශේෂයෙන් අපේ රටේ ජාතික සම්පත්, බලය යොදා කුණු කොල්ලයට විදේශ රටවලට, සමාගම්වලට විකිණීම වැලකේ, අපේ රට විදේශීය රටවල අතකොළුවීම, විදේශීය කොළණි බවට පත්වීම වැලැකේ.

අප කතෝලිකයින් ලෙස කතෝලික දහම වැළද ගත්තද මෙරටට ආදරය කරනු ලබන ස්වදේශීය ජනයා වේ. ඇතැමෙක් ද්වේශ සහගතව කතෝලික ජනයා මෙරටට ආදරය නොකරන, මෙරටට වින කරන කණ්ඩායමක් ලෙස හංවඩු ගැසීමේ අසාර්ථක උත්සාහායක යෙදී සිටී. නමුත් මේ රටේ විවිධ ක්ෂේත‍්‍රවල සිටිමින් මෙරට ස්වදේශීය කතෝලිකයා මේ රට වෙනුවෙන් බොහෝ කැපවීම් කරන බව සැ`ගවිය නොහැකි සත්‍යතාවයකි.

එනිසාම සිංහල බෞද්ධ සංවිධානයක් වූ ‘ජාතික හෙළ උරුමයත්’ ( ‘හෙළ උරුමය’ ආරම්භයේදී ‘කිතුදන පුබුදුව’ ප‍්‍රමුඛ හෙල කතෝලික සංවිධානද ඔවුන්ට සහාය වූ හැටි අපට හොදින් මතකය.

බෞද්ධ භික්ෂුවක් වූ පූජ්‍ය රතන ගරු ස්වාමින් වහන්සේත් ගෙනා මෙම යෝජනා ආගමික පදනමේ සිට නිකරුණේ විවේචනය කරනවාට වඩා එහි ඇති රටට හිතැති ජාතික අවශ්‍යතාවය දෙස බලා එය අගය කරමින් සහාය දැක්වීමට කතෝලික සංවිධානයක් ලෙස අප යොමු වූයේ එබැවිනි. 

යම් යම් අවස්ථාවලදී ජාතික හෙළ උරුමය හා අප මතවාදීව ගැටුණු අවස්ථාවන්ද ඇත. එම මතවාදී ගැටුම් මෙවැනි ජාතික ප‍්‍රශ්නයකදී මෙවැනි හොද යෝජනාවලියක් ප‍්‍රතික්ෂේප කිරීමට තරම් අප හා ඔවුන් දුරස් කරන්නේ නැත. 


මෙම යොජනාවලිය ඉදිරිපත් කිරීම නිසාම ගරු රතන ස්වාමින් වහන්සේව ඇතැම්විට ජාතිද්‍රෝහියෙකු, රාජ්‍ය නොවන සංවිධානයක අතකොළුවක් ලෙස හංවඩු ගැසීමට වුවද හැකියාව තිබේ. ඉතිහාසය පුරාම සිදුවූයේද එවැන්නකි. 

නමුත් අපේ රටේ සිංහල බෞද්ධ ජනයා වසර පහක් ඉක්ම ගියද පුන පුනා කතා කරන තිස් වසරක යුද්ධය නිමා කිරීමට පෙරමුණේම සිටි භික්ෂුව වන්නේද, මාවිල් ආරු සොරොව්ව විවෘත කරන්නට එඩිතරව පෙරමුණ ගෙන ඉදිරියෙන්ම යමින් ප‍්‍රවිශ්ඨයක් ලබා දුන්නේද ගරු රතන ස්වාමින් වහන්සේම වේ.


 එ් තැනට හිමිකම් කීමට ලංකාවේ වෙන කිසිදු භික්ෂුවකට අවස්ථාවක් නැති බවද අපි දනිමු. ( යුද්ධය සම්බන්ධව කතෝලික සභාවට හා කතෝලික සංවිධානයක් වන අපට වෙනම මතවාදයක් ඇත. එය සංවාදක කිරීමට මෙය අවස්ථාව නොවේ)

එබැවින් අප හා සිටින තවත් කතෝලික ගිහි සංවිධාන කිහිපයක් සම`ගද අප සාකච්ඡුා කරමින් සිටී.

 කතෝලික පියවරුන් රාශියක් සමගද මේ සම්බන්ධව සංවාදයක් ඇති කර තිබේ. 

ඉදිරියේදි වඩා සක‍්‍රීයව කතෝලික සංවිධානයක් ලෙස ‘පිවිතුරු හෙටක්’ සක‍්‍රීය කරමින් මේ රට වඩා සුබවාදී මාවතකට යොමු කිරීමේ ස්වදේශීය කතෝලික පෙළගැස්මකට අපද නෙත් අයා බලා සිටිමු.

ස්තුතියි ! බුදු සරණයි !  ජේසු පිහිටයි !

‘කිතුහඩ’ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us