අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ඉන්දියාවෙන් මුද්දරයක්

Published in පුවත්
Sunday, 26 October 2014 11:10
ඉන්දියාව අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර ඇත.
සමරු මුද්දරය නිකුත් කරමින් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා විසින් විග්‍රහ කරනු ලැබුවේ මෙය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කරන පියවරක් බවය.
 
සමරු මුද්දරය නිකුත් කරනු ලැබීම සිදු කෙරුණේ ඉන්දියාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුමෙන්  ජනාධිපති නිල නිවාසය වන රාශ්ට්‍රපති මන්දිරයේ දීය.
 
1864 සැප්තැම්බර් මාසයේ 17 වෙනි දින ශ්‍රී ලංකාවේ දී උපත ලද අනගාරික ධර්මපාල තුමා 1933 අප්‍රියෙල් මස 29 වෙනි දින  ඉන්දියාවේ දී අපවත් වූයේය.
 
බුද්ධ ගයාව බේරා ගනිව් යන සටන් පාඨය ඔස්සේ බුද්ධ ගයාව අන්‍ය ආගමික ආධිපත්‍යයෙන් මුදා ගැනීමේ සටනක් ආරම්භ කළ අනගාරික ධර්මපාලතුමා සිදු කළ මෙහෙය අපරිමිත වේ.
 
ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවනයට මග හෙළි කළ ධර්මපාල තුමා යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ ද බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කළ නියමුවාද වේ.
 
ථෙරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අතර මුල් තැන හිමි කර ගනු ලබන ලන්ඩන් බෞද්ධ විහාරය 1926 වසරේ දී ආරම්භ කරන ලද්දේ අනගාරික ධර්මපාල තුමන් විසින්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us