මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙය විපක්ෂයේ ඇතැම් පිරිස් විසින් පතුරුවන කටකතාවක් බවයි.
එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, තමා පෙරේදා (23දා) ජනාධිපතිතුමා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ධීවර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් හෙතෙම කීය.
එමෙන්ම ධීවර කටයුතු සම්බන්ධයෙන් මෙන්ම තමාගේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇගයීමකට ලක් කළ බවද අමාත්‍යවරයා කීවේය.