අයවැය මැතිවරණයක් ඉලක්ක කර ගත් එකක් බවට රජයේ ඇතැම් අමාත්‍යවරුන් පිළිගත් අතර ඔවුන් පැවසුවේ එමගින් ජනතාවට සහන රැසක් ලැබී ඇති බවයි.
ජනතා සහන
අයවැය මගින් ලබාදී ඇති ජනතා සහන හා පොරොන්දු අයවැය වාර්තාවේ වියදම් ලෙස නිසි ආකාරයෙන් සටහන් නොවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒවා ජනතාව රැවටීමට ලබා දුන් බොරු පොරොන්දු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය.
ජනතාවගෙන් කෝටි 20,000 ක මුදලක් බදු ලෙස ලබා ගන්නා බව අයවැය වාර්තාවේ සඳහන් බව පවසන එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එය ලබාගන්නා ආකාරය ගැන කිසිදු සඳහනක් අයවැය වාර්තාවේ නැති බව පැවසුවේ ය.
ජනතාවට ලබා දෙන බව පවසන සහන සඳහා මුදල් වෙන් කිරීමක් සිදුකර නොමැති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂ දී සිල්වා මහතා මෙම අයවැය මහින්ද රාජපක්ෂ රජයේ තවත් එක් ප්‍රෝඩාකාරී අයවැයක් ලෙස හඳුන්වා දුන්නේය.
ඊයේ සිකුරාදා ඉදිරිපත් කළ අයවැය, මැතිවරණ ලියවිල්ලක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විග්‍රහ කළේය.
මෙම අයවැය මැතිවරණ අල්ලසක් බවට විපක්ෂය නගන චෝදනාව පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගෙන් විමසුවිට ඔහු පැවසූවේ තම ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ ජයග්‍රහණය කිරීමට බවයි.
ආමාත්‍ය විමල් වීරවංස මහතා පැවසුවේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද ක්‍රියාත්මක වන්නේ මෙම යෝජනා බවයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කොට ඇති අයවැය වාර්තාවලින් වැඩිම ජනතා සහන ලබාදුන් අයවැය මෙය බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එය මැතිවරණයක් ඉලක්ක කර ගත් එකක් බව පිළිගත්තේය.
(සංදේශය)
2015 වසර සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ (24) ඉදිරිපත් කළ අයවැය ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාගැනීමට ජනතාවට ලබා දුන් ඡන්ද අල්ලසක් බව විපක්ෂය චෝදනා කරයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

