ඇමති චම්පිකට එරෙහිව CID පරික්ෂණයක් ! Featured

Published in පුවත්
Friday, 24 October 2014 08:31

ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගෙන්වීම නිසා 2012 වසරේදී ලංකා විදුලි බල මණ්‌ඩලයට රුපියල් එකසිය පනස්‌ කෝටි හැත්තෑ ලක්‍ෂ හතළිස්‌ හතර දහසක (1507044116.25) අලාභයක්‌ සිදුව ඇතැයි විදුලි බල හා බලශක්‌ති ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.




ඇමතිවරිය මේබව සඳහන් කලේ එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී යොමුකර තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

මේ පිළිබඳ විමර්ශනයක්‌ කිරීමට රහස්‌ පොලිසියට භාරදී ඇතැයි කී වන්නිආරච්චි මහත්මිය මෙම අලාභය සිදුව ඇත්තේ තමන් විෂය භාර ඇමැතිවරිය වීමට පෙර බවද කීවාය.

තමන් ඇමැති ධුරයට පත්වූ පසු මේ පිළිබඳ නීතිපති උපදෙස්‌ පතා පරීක්‍ෂණ කටයුතු රහස්‌ පොලිසියට භාරදුන් බව කී ඇමැතිවරිය ඒ අනුව රහස්‌ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයිද කීවාය.

ලංකා ගල් අඟුරු සමාගම සහ සීමාසහිත ලංකා නැව් සංස්‌ථාව 2012 ජුනි 29 දා එළැඹි ගිවිසුමකට අනුව හදිසි ගල් අඟුරු සැපයුම ප්‍රදානය කර තිබෙන්නේ සීමා සහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්‌ටීල් (පුද්ගලික) සමාගමට බවද කී ඇමැති වන්නිආරච්චි මහත්මිය මෙම ගල් අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම නිසා රුපියල් අසූ පන් කෝටි විසිහත් ලක්‍ෂ හැට අට දහසක (852,768,000) අලාභයක්‌ ලංකා විදුලිබල මණ්‌ඩලයට සිදුව ඇතැයි කීවාය.

ඊට අමතරව ගිවිසුම ප්‍රකාරව ආනයනකරු විසින් ලබා ගත් ගල් අඟුරු, එකී මිලට හා එම ප්‍රමිතියට අනුකූලව සැපයීමට එකඟ වූ මෙටි්‍රක්‌ ටොන් 29,896 ක්‌ අඩුවෙන් සපයා ඇතැයිද කී ඇමැතිවරිය එම නිසා සිදුවූ අලාභය රුපියල් හැට පන් කෝටි හතළිස්‌ දෙලක්‍ෂ හැත්තෑ හය දහස්‌ එකසිය දහසයක්‌ (654,276,116) බවද කීවාය. මේ අනුව විදුලිබල මණ්‌ඩලයට සිදුවූ සම්පූර්ණ අලාභය රුපියල් එකසිය පනස්‌ කෝටි හැත්තෑ ලක්‍ෂ හතළිස්‌ හතර දහස්‌ එකසිය දහසයක්‌ (1507,044,116) බවද පැවසූ වන්නිආරච්චි මහත්මිය මෙම අලාභය අයකර ගැනීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම නීතිපති උපදෙස්‌ මත කටයුතු කරන බවද කීවාය.

මෙම අලාභය සඳහා වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 

ජාතික හෙළ උරුමය, ආණ්ඩුව සමග මත ගැටුමකට යාමත් සමග අමාත්‍ය චම්පික රණවක මහතා හා ජාතික හෙළ උරුමය ගනුදෙනු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ වල අවධානය යොමුවී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us